අද දවසේ වැසි තත්වය පිළිබඳ කාලගුණ අනාවැකිය …

Date:

දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...