තෙල් පිරිපහදුවේ වැඩ යළි ඇරඹීම තවත් කල්යයි !

Date:

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා තවත් යම් කාලයක් ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“අපට එළියේ තියෙන බොරතෙල් නෞකාව ලබාගත්තාට පස්සේත් අපට කෙටිකාලයක් ඉන්න වෙයි පිරිපහදුව ක්‍රියාත්මක කරන්න. මොකද දෙවැනි නෞකාවක් නැතුව එක නෞකාවකින් විතරක් ක්‍රියාත්මක කරලා වැඩක් නෑ. ඒ නිසා දෙවැනි නෞකාව සඳහා ටෙන්ඩර්වලින් අපි දැන් දීලා තියෙනවා. ටෙන්ඩර්වලට දැන් ඉදිරිපත් වෙලා තියෙනවා මේ අවසාන කාලයේ කීපදෙනෙක්. පහුගිය කාලේ ඉදිරිපත් නොවුණත් දැන් ඉදිරිපත් වෙන කට්ටියට අපි ඒ අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම ගෙවීමේ හැකියාව මත තමයි අපට ඒ ටෙන්ඩර් වුණත් ලබාදෙන්න පුළුවන් වෙන්නෙ. මම ගිය සතියෙ ප්‍රගති සමාලෝචන රැස්වීමක් තිබ්බාම ඒ පිරිපහදුවේ කට්ටිය කිව්වෙත් පිරිපහදුවට බොරතෙල් ගේන පරිශ්‍රයේ නඩත්තු කටයුත්තක් තියෙනවා, ඒකට මාසයක් විතර යනවා කියලා. ඒක යෝජනා වෙලා තිබුණෙ දෙසැම්බර් ඉඳලා ජනවාරි වෙනකල් කරන්න. නමුත් මම කිව්වා මේ කාලෙ වහලා තියෙන නිසා ඒක දැන්මම කරන්න, මාසයක් ඇතුළත අවසන් කරන්න කියලා. ඒ නිසා මේ කාලය අපි පාවිච්චි කරනවා ඒ කටයුත්තට”

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...