සජිත්ගේ සක්වල වැඩසටහනින් අමරදේවයන්ගේ පාසලටත් බස් රථයක්

Date:

මෙරට 10,100කට වැඩි රජයේ පාසැල තුළ අධ්‍යාපනය ලබන දූදරුවන්ට තාක්ෂණ දැනුම ලබාගැනීම සඳහා සුහුරු පන්තිකාමර ඇති කිරීම සිදුවිය යුතු බවත්, විපක්ෂයක් ලෙස ක්‍රියාත්මක කරන “සක්වල” වැඩසටහනේ එක් අරමුණක් වන්නේ එම සුහුරු තාක්ෂණය දරුවන්ට මූලිකව ලබාගැනීමට ඉඩකඩ ලබාදීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එමෙන්ම භාෂා විද්‍යාගාර සංකල්පය සෑම පාසැලකටම හඳුන්වාදීම හරහා ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි දැනුමත්, වෙනත් භාෂාවන් පිළිබඳ මූලික දැනුමත් දරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකි බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

ඔහු පවසන්නේ, නිදහස් අධ්‍යාපනය පාසැලෙන් නොව පෙර පාසැලෙන් ආරම්භ කළ යුතු බවයි.

ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලෙස හඳුන්වන පෙර පාසැල් පළාත් සභා යටතේ පාලනය වුවද, ඒවා නියාමනය කිරීම සහ ප්‍රමිති ගතකිරීම වැදගත් බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නා.

දැයේ සිසු දරුවන් වෙනුවෙන්, සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන හරහා ලබාදුන් 36 වන බස් රථය පෙරේදා (14) ගාල්ල බලපිටිය සිද්ධාර්ථ ජාතික පාසැලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කළා.

දිවංගත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ද අධ්‍යාපනය ලැබුවේ සිද්ධාර්ථ ජාතික පාසැලෙනුයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...