රැකගන්න උදව් කරනු වෙනුවට විකුණන්න මහන්සි වූ අයගේ ප්‍රහාරයට සූදානම් වෙන්න

Date:

ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයගත්තේ තරගාවලියට පෙර ක්‍රිකට් විශාරදයන් කිසිවෙක් ශ්‍රී ලංකාව කුසලානය දිනා ගන්නා බව නො’පවසා සිටියදී යි.නමුත් සටන්කාමී ලෙස තරග වැදුණු ශ්‍රී ලංකාව සියළුම විශාරදයන්ගේ මත විකාර කරමින් ආසියාව ජයගත්තා.ඉතාම දුෂ්කර අවධියක දොම්නස පමණක් උරුමව සිටි ලාංකිකයන් සියලු දෙනාම මේ ජයග්‍රහණයේ සතුට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින්ව හඳවතින්ම වැළද ගත්තා.නමුත් ඒ සතුට මත හෙණයක් පාත් වූ සේ ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට තල්ලු වෙන්නට ඇති ඉඩ පළල් කරමින් නැමීබියාවට ලකුණු 55 න් පරාජය වුණා.

ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා ඇති වූ ආදරණිය කැමත්තේ ජනප්‍රියත්වය තමන්ගේ මාධ්‍ය චැනල් වෙනුවෙන් විකුණා ගන්නට පොරකෑ පිරිස්,මධ්‍යම රාත්‍රිය පසුවන තුරුත් සුරංඟනා කතා කියමින් ආසියාතික සූරයන්ට අවශ්‍යයම යහපත් නින්ද කොල්ල කෑවා.පුහුණු සැසි වෙනුවට තරග වෙනුවට මාධ්‍ය ඉදිරියේ නිදි මැරීමට ඉඩ දීම,ආසියාතික සූරයන්ගේ ලෝක කුසලතා පිවිසුම වෙනුවෙන් සැළසුම් කිරීම ක්‍රිකට් වැඩ පිළිවෙල වුණා.

අවධානය යොමුව නොතිබි ක්‍රිකට් අවධානයට පාත්‍රවීමෙන් ඉනික්බිති ලෝක කුසලාන සැළසුම් හොද්දට කෝකියන්ද වැඩි වුණා.උපදෙස්,මාධ්‍ය සංදර්ශන හැර ඕස්ට්‍රේලියානු තණතීරුවලට සමාන තරග අත්දැකීම් බෙදා ගන්නා මාර්ග ඔළුවෙන් ඉවත් වුණා.

නැමීබියාවට එරෙහිව ලද පරාජයේ දී ශ්‍රී ලංකාව හා සබැඳි විශේෂඥ සැළසුම් වෙනුවට දකින්නට ලැබුණේ නැමීබියාව විසින් දියත් කළ විශිෂ්ඨ සැළසුම් පමණයි.ජයග්‍රහණය හිමිවුණේ ඒ විශිෂ්ඨ සැළසුම් සපිරි ඔවුන්ගේ සුපිරි ක්‍රීඩා රටාවයි.එය ඉදිරියේදී වෙනත් රටවලට ද ශ්‍රී ලංකාවට බල පෑ අයුරෙන්ම බලපාන්නට තියෙන ඉඩ විශාලයි.

නැමීබියාව ලකුණු 163 ක් ලබා ගත්තා.පන්දු ඕවර් 20 තුළ අංක 8 දක්වාම පිතිකරණ වගකීම සහිතව ක්‍රියා කළ නැමීබියා ක්‍රීඩකයන් හත් දෙනෙක් ඒ වෙනුවෙන් කඩුලු පූජා කරා.එය නැමීබියාවෙන් බලාපොරොත්තු නොවුණ විශාල ලකුණු පූවරුවක්.එයින් තැති ගැන්මකට සහ සැක සහිත මානසික බිඳ වැටීමකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 108 ට දැවී ගියා.

කණ්ඩායමක් හැටියට ජයග්‍රහණය වෙනුවෙන් පොකුරු ගැසුණු දස්කම්වලින් පිරුණ නැමීබියා ජයට විශාල ආලෝකයක් එකතු කළ ජාන් ෆ්රේලින්ක් ලකුණු 46 ක් ලබමින් ලකුණු 26 කඩුලු 2 ක් ලබමින් තරගයේ වීරයා බවට පත් වුණා.

ශ්‍රී ලංකාව වැනි රටක් පරාජය නොවිය යුතු කණ්ඩායමක් හැටියට හැඳින්විය හැකි නැමීබියාව මේ තරගයේ දී අත්කර ගත් ජය මත ඉදිරියේදී ආසියානු ජය අලෙවි කළ පිරිස්ම ක්‍රිකට්මය නොවුණ අවමානවලින් ගසා දමනු ඇති.නමුත් ඔවුන් එසේ වීම අසාධාරණ වීම තමන්ට ද සාපේක්ෂ බව ක්‍රීඩකයන් ද දත යුතුයි.ජයග්‍රහණයේ දී පලස් එලෙන විට එයට වැසී තිබෙන කටු නොදකින ජනප්‍රියත්වය පමණක් දකින ක්‍රීඩකයන් ද ඒවායේ පෙනී සිටීමට කැමතියි.නමුත් ඇත්ත ක්‍රීඩකයන් එහි අසුන් ගන්නෙ එම මාධ්‍යවල අලෙවිකරණය වෙනුවෙන්.

ඔබව පිදූ ලොව හෙට එරෙහිව එන මොහොතේ දී ද ක්‍රීඩකයන්, ක්‍රීඩාව වෙනුවෙන් සාධනීය සැළසුම් සහිතව නැවත නැඟී සිටිය යුතුය. අද තරම් හෙට කළු නොවිය යුතුය.කළු පලා හැරීම ඔබ සතුය. එයට ශක්තිය පතමු.ඉදිරියට යමු.දිනමු.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...