දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/16

Date:

  1. 2024 අයවැයෙන් නව බදු පැනවීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාවය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ද පවසයි: නව බදු මගින් ජනතාවට තවදුරටත් බර පැටවිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හඳුනාගෙන ඇති බව පවසයි: කෙසේවෙතත්, ප්‍රාථමික බැඳුම්කර ගනුදෙනුකරුවන්ගෙන් බදු අය කිරීමේ යෝජනාවක් 2024 අයවැය ලේඛනයේ අඩංගු වන බව ජනාධිපතිවරයා 2023 සැප්තැම්බර් මස ප්‍රකාශ කළේය.
  2. 2024 අයවැය මගින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ පවසයි: එළඹෙන මස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇති බව ද පවසයි: මේ වන විට විදුලි කප්පාදුවක් නොමැති අතර, ගෑස් සහ ඉන්ධන පවතින බවත්, ආහාර මිල අඩු වී ඇති බවත්, ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවත් පවසයි.
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ ප්‍රකාරව, පිරිවැය රු. මිලියන 200 ඉක්මවන විට ඩිජිටල් වේදිකාවක සිය ප්‍රසම්පාදන දැන්වීම් ප්‍රකාශයට පත් කරන මෙන් උපදෙස් ලබා දී තිබිය දී ද, එසේ කිරීමට බොහෝ රාජ්‍ය ආයතන අපොහොසත් වී ඇති බව භාණ්ඩාගාරය පවසයි: e-Govt Procurement (e-GP) ඩිජිටල් වේදිකාව යටතේ විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා මෙම පියවර ගත් බව පවසයි.
  4. “ඉකුත් දින ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සමඟ ඇතිකරගත් ඇ.ඩො. බිලියන 4.2 ක ද්විපාර්ශ්වික ණය ගනුදෙනුවේ කොන්දේසි අනෙකුත් ණයහිමියන් සමඟ බෙදාගන්නා මෙන්” මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ චීනයෙන් ඉල්ලා සිටියි: තොරතුරු හුවමාරු කර ගැනීමෙන් විනිවිදභාවය සහතික වන අතර, එමඟින් අනෙකුත් ද්විපාර්ශ්වික ණයහිමියන්ට ද ඒ පිළිබඳ සංසන්දනය කළ හැකි පරිදි ගනුදෙනු සිදුවන බව පවසයි: කෙසේවෙතත්, චීනය සමඟ එළඹි මෙම ගිවිසුම ඉතා වැදගත් එකක් බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් දැනටමත් ප්‍රකාශ කර ඇත.
  5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ 02 වන වාරිකය ලබා ගැනීම ප්‍රමාද වීම සහ රජයේ සුරැකුම්පත්වල ඉහළ පොලී අනුපාත ගත වූ මාසය තුළ වෙළඳපල කඩා වැටීමට හේතු වූ බව කොටස් වෙළඳපල ආරංචිමාර්ග පවසයි.
  6. ජපාන අන්තර් සහයෝගීතා නියෝජිතායතනය (Japan International Cooperation Agency) විසින් අරමුදල් නිකුත් කරන තෙක් බලා නොසිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ ව්‍යාපෘතිය සඳහා ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට සීමාසහිත ගුවන්තොටුපල සහ ගුවන් සේවා (පෞද්ගලික) සමාගම කටයුතු කරන බව එම සමාගමේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි පවසයි: මීට මාස 05 කට පමණ පෙර තම ආයතනය විසින විසින් ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ ව්‍යාපෘතියේ ඇතැම් තෝරාගත් වැඩවල ඉදිකිරීම් ආරම්භ කළ බව ද පවසයි.
  7. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ කවුන්සිලයේ සාමාජික ටිෂාන් සුබසිංහ ආසියානු සහ පැසිෆික් ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ කවුන්සිලයට (Confederation of Asian and Pacific Accountants) තේරී පත්වෙයි: ආසියා සහ පැසිෆික් කලාපයේ ගිණුම්කරණ ආයතන 30ක් නියෝජනය කරමින් කලාපීය ගිණුම්කරණ සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු 9ක් සඳහා තරඟ වැදුණු තරඟකරුවන් 17 දෙනෙකු අතරින් සුබසිංහගේ තේරී පත්වීම සිදුවිය.
  8. රජීව් ගාන්ධි ඝාතන නඩුවට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිරගත කාලය අවසාන කිරීමට පෙර නිදහස ලැබූ 07 දෙනාගෙන් එක් අයකු වන සාන්තන් හෙවත් සුතෙන්දිරරාජා, සිරගතව සිටි වසර 32ක කාලය පුරාවට දැකබලා ගැනීමට නොහැකි වූ තම වියපත් මව සමඟ ජීවත් වීම සඳහා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට උපකාර කරන මෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
  9. යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා බව කියන පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යාපනය පොලිසියට උපදෙස් දෙයි: මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ගොවීහු සැල කරති.
  10. මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ (Central Asian Volleyball Association) පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලානය දිනා ගැනීම සඳහා උස්බෙකිස්තානය කට්ටල 3 ට බින්දුවක් (25-14, 25-18, 25-23) ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...