විදුලි ගාස්තු වැඩිකිරීමේ පදනම කුමක්ද ? මහජන උපයෝගීතා කොමිසමෙන් ලිපියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත , මහජන උපයෝගීතා කොමිසම ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, විදුලි ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය යොමු කර ඇති ඉල්ලීමට අදාළව ඉදිරිපත් කර ඇති දත්ත, වර්තමාන තත්ත්වය හා නොගැළපෙන බවයි.

ඔක්තෝබර් 18 වැනිදාට පෙර මණ්ඩලය සතු නවතම දත්ත, තමුන් වෙත ඉදිරිපත් කරන ලෙස, අදාළ ලිපිය මගින් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.

තව දුරටත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් 4 සහ 26 යන දිනවල තමුන් වෙත යොමුකළ ඉල්ලීමේ සඳහන් දත්ත, වර්තමානය හා නොගැළපෙන බවයි.

කොමිසම පෙන්වා දෙන්නේ සැප්තැම්බර් මාසයේ දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 44.7 ක් ලෙස පුරෝකථනය කර තිබුණත්, සැබෑ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 41.01 ක් බවයි.

මේ අතර ජල විදුලි උත්පාදන ධාරිතාව ද, විදුලි බල මණ්ඩලය දක්වා ඇති ප්‍රමාණයට වඩා මේ වන විට ඉහළ ගොස් ඇති බවද කොමිසම පෙන්වා දෙයි.

තව් දුරටත්, මහජන උපයෝගීතා කොමිසමේ අදහස වන්නේ, ගල් අඟුරු භාවිතයෙන් විදුලි උත්පාදනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය කර ඇති පුරෝකථනය නොගැළපෙන බවයි.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම, විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ, මේ තත්ත්වයන් තුළ ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සළකා බැලීම සඳහා නවතම දත්ත තමන් වෙත ඉදිරිපත් කරන්න ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු...

20 වන සියවසේ DNA සොයාගැනීමේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමියෙකු වූ  James Watson  මිය යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): DNA පුරෝගාමියෙකු වූ...

ආර්ථිකය ස්ථාවරයි. ඒක හරි. හැබැයි ඩබල් කැබ් සිද්ධිය ගැන නම් සැකයි – හර්ෂ

කොළඹ LNW:මේ එන විට ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කර තිබෙන...

රටම එකට: තවත් 740ක් පොලිස් දැලට!

කොළඹ LNW:දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ...