ඉකුත් මාස 09 තුළ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 21ක්

Date:

නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): ගතවූ ඉකුත් මාස 09ක කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය ඝාතන 21ක් සිදුව ඇතැයි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා පවසයි.

මහනුවර, ගම්පොල, ඇතුලු මහනුවර පොලිස් කලාපය තුළ මෙම මිනිස් ඝතන සිදුව ඇති බවත් පසුගිය සැප්තැම්බර් මසදී පමණක් ඝාතන 03ක් සිදුව ඇතැයි ඒ මහතා සඳහන් කරයි.

මනුෂ්‍ය ඝාතන සිදුකළ ආකාරය අනුව පුද්ගල මරණ 06ක් සිදුව ඇත්තේ කපා කොටා ඝාතනය කිරීමෙන් යැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව කීවේය.

මෙම ඝාතන අතර 09ක් පොලු හා වෙනත් ආයුධ වලින් පහර දීමෙන් ද 03ක් ගෙල මිරිකීමෙන් ද සිදුකර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේ ය.

එමෙන්ම මෙම වසරේදී මහනුවර දිස්ත්‍රික්කය තුළ සියදිවි නසා ගැනීම් 242ක් සිදුව ඇතැයි කී ඒ මහතා තරුණ තරුණියන් අවවාද උපදෙස් නොතකා සුලු සිද්ධියක් පදනම් කර ගෙන දිවි තොර කර ගන්නා අවස්ථා බහුලව වාර්තා වන බව ද කීවේ ය. ඒ අතර පුද්ගල මරණ 89ක් ගෙල වැල ගැනීම, 12ක් වස පානය කිරීම සහ 04ක් ගිනි තබා ගෙන දිවි තොර කර ගෙන ඇතැයි ඔහු කීවේය.

ගතවූ මාස 09ක කාලය තුළ අවුරුදු 16ට වැඩි කාන්තා ලිංගික අපයෝජන 12ක් සහ බරපතල ලිංගික අපයෝජන 30ක් සිදුව තිබේ. එම කාලය තුළ අවුරුදු 16ට අඩු කාන්තා ලිංගික අපයෝජන 70ක් වාර්තාවී ඇතැයි කී ඒ මහතා ඉන් 37ක් පෙම්වතා විසින් සිදුකරන ලද අපයෝජන යැයි ඒ මහතා කීවේ ය. බාල වයස්කාර පෙම්වතුන් නිවෙස්වල විරෝධතාව මත පැන ගොස් විවාහ වන බව කී ඒ මහතා එවැනි විවාහ රැසක් අසාර්ථක විවාහ බවට පත්වී ඇතැයි ද මෙම රැස්වීමේදී පෙන්වා දුන්නේය.

මහනුවර දිස්ත්‍රික්කය තුළ නිවාස බිදුම් 549ක් සිදුවූ බව කී ඒ මහතා ඉන් 171ක් ප්‍රධාන දොරටුව කඩා ප්‍රවේශවීමෙන් සිදුවී ඇතැයි කීහ. ජනේලය කැඩීම මගින් 184ක්, පිටුපස දොර කැඩීමෙන් 108ක් සහ වහලයෙන් බැසීමෙන් සිදුවූ නිවාස බිදුම් 34ක් මේ අතර සිදුව ඇතැයි ඔහු කීවේය.

ඉකුත් මාස 09ක කාලය තුළ ඉඩම් ආරවුල් සම්බන්ධ නඩු 4978ක්, පවුල් ආරවුල් නඩු 5660ක් පොලීසියට වාර්තාවී ඇතැයි කීවේය. ඒ අතර 1975ක් බීමත්කම, 1904ක් අවිශ්වාසය හා සැකය, 640ක් නූගත්කම හේතුවෙන් සිදුවී ඇතැයි ද මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන...

HNB ඇෂුවරන්ස් අභියෝගයකින් තොරව වෙළද සේවා ක්‍රිකට් සූරතාවය දිනයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ අනුග්‍රහයෙන්...

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...