ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

0
555

සටහන – රුවන් නෙළුගොල්ල

2024.10.26 දින පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

පසුගිය සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැගිල්ල පාට කර ඇති බැවින් මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.