(PHOTOS):සිනමා සාහිත්‍යට සනත් හා වසන්ත එක්වෙයි!

Date:

කොළඹ LNW:සිනමා ලේඛක ජීවන්ත දයානන්ද මහතා විසින් රචිත ප්‍රවීණ සිනමා රූපණවේදී සහ සිනමාවේදී සනත් ගුණතිලකයන්ගේ දශක හතරක් ඉක්මවා ගිය තෝරාගත් චරිත විස්සකින් පළමු චරිත හත විමසන ”සනත් චරිත හතක්” සහ ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන්ගේ සිනමාව විමසන ”වසන්තගේ සිනමාව – මානව හා සමාජ කතිකාවතක්” යන කෘති ද්විත්වය ඊයේ (16) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරුණි.

මෙම කෘතිවලට අදාළව ප්‍රවීණ සිනමා විචාරකයෙකු වන ගුණසිරි සිල්වා, නව පරපුරේ සිනමාවේදියෙකු හා කලා විචාරකයෙකු වන චින්තන ධර්මදාස ආරාධිත දේශන පවත්වන ලදී.

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන්ගේ සිනමාව විමසන ”වසන්ත – සත් සමුදුරෙන් ඔබ්බට” යන වාර්තා චිත්‍රපටියද ප්‍රදර්ශනය කළේය.

මෙම අවස්ථව සඳහා සිනමා, කලා, සාහිත්‍ය විශාරදයින් මෙන්ම සහෘද රසික රසිකාවියන් එක්ව සිටින අයුරුද දක්නට ලැබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/693/SANATH%20WASANTHA%20Cinema%20Books

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...