මත් සාදයක් වටලා 12ක් අත්අඩංගුවට!

0
421

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):

අද (17) දින බෙන්තොට ප්‍රදේශයේ නිවසක මත් සාදයකට සහභාගිවී සිටි කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පැවසූවේ, ඔවුන් භාවිතා කරමින් සිටි අයිස් ,ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග රැසකුත් පොලිස් භාරයට ගත් බවයි.

මොවුන් කලුතර ,බෙන්තොට සහ අලුත්ගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අදාල පිරිස පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පැවසේ.