අගමැතිනියගේ නමින් හින්දු විද්‍යාලයේ පර්යේෂණ ඒකකයක්!

Date:

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ නමින් ඉන්දියාවේ හින්දු විද්‍යාලයේ පර්යේෂණ ඒකකයක් ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍යවරියගේ ඉන්දීය නිල සංචාරය අතරතුර ඇය සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ හින්දු විද්‍යාලයේ සහ දිල්ලි විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබුණු අතර එහිදී එහිදී විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, පීඨ සාමාජිකයින් සහ සිසුන් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ඇයගේ ජයග්‍රහණ අගයමින්, හින්දු විද්‍යාල පරිශ්‍රයේ “හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය” ලෙස නම් කරන ලද නව පර්යේෂණ ඒකකයක් විවෘත කිරීමද සිදුවිය.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඉගෙනගත් පන්ති කාමර නැරඹීමට එක් වූ අතර හින්දු විද්‍යාලය හරහා අගමැතිනියගේ අධ්‍යයන ගමන මෙන්ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම සඳහා විද්‍යාලය තුළින් ලද පන්නරය සිහිපත් කරමින් ශිෂ්‍යාවක් ලෙස ගත කළ කාලය පිළිබඳ අත්දැකීම් සිසුන් සහ කාර්යමණ්ඩලය සමග බෙදා ගෙන තිබුණි.

හින්දු විද්‍යාලයේ සිසුන් අමතමින් ඇය පැවසුවේ ‘අධ්‍යාපනය යනු හුදෙක් තම අනාගතය සුරක්ෂිත කර ගැනීමක් පමණක් නොවන බවත්, එමඟින් අන් අයගේ අනාගත අභිවෘද්ධිය සඳහා ද අපව සූදානම් කරන බවත්’ ය.

කුතුහලය, සහකම්පනය සහ විවේචනාත්මක චින්තනයේ වටිනාකම අවධාරණය කරමින් තවදුරටත් ඇය පැවසුවේ සියලු දෙනා ඇතුළත් වන සාධාරණ සමාජයන් නිර්මාණය කිරීමේදී , සානුකම්පිත, ප්‍රජාතාන්ත්‍රික සහ ක්‍රියාකාරී පුරවැසියෙකු වැදගත් බවයි.

හින්දු විද්‍යාලයීය නිරීක්ෂණ චාරිකාවෙන් පසු, අග්‍රාමාත්‍යවරිය 2015 වසරේ දී ක්‍රමසම්පාදන කොමිසම වෙනුවට පිහිටුවන ලද ඉන්දීය රජයේ ප්‍රතිපත්ති සංවර්ධන සහ පර්යේෂණ ආයතනයක් වන NITI Aayog හෙවත් ඉන්දීය පරිවර්තනය සඳහා වූ ජාතික ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
මෙම නිරීක්ෂණ චාරිකාව හරහා අධ්‍යාපනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලනය පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමුව තිබුණු අතර ශ්‍රී ලංකාව මේ වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටින බැවින්, NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතන නිරීක්ෂණ චාරිකාව මඟින් Atal Innovation Mission (AIM) සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පර්යේෂණ, නිර්මාණශීලී හැකියාවන් සහ ඩිජිටල් ඉගෙනීම් කටයුතු පෝෂණය කිරීම සඳහා එමඟින් සිදුවන ප්‍රවේශය ඇතුළු ඉන්දියාවේ පරිවර්තන අත්දැකීම් කෙරෙහි අගමැතිනියගේ අවධානය යොමුව ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...