අද (17) දවසේ වැසි තත්වය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ඔක්තෝබර් 17) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 01.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතෙත් ගාල්ල, පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...

ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමේ ඉල්ලීම කොහෙත්ම ඉටු කරන්න බෑ. ඒක අපේ ජනවරමට පටහැණියි – ඇමති ලාල්

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට 2019 වසරේදී ලබාදී තිබුණු ජනාධිපති...

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...