ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW :

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ජාලයක් හෙළිදරව් කරමින්, ඉන්දීය බුද්ධි අංශ විසින් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ තමිළග වෙට්ට්‍රි කලගම් පක්ෂයේ නාගපතිනම් දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකයෙකු වන එන්. භූපාලන් නම් ක්‍රියාකාරිකයාය.

ආරක්ෂක අංශ විසින් සිදුකළ වැටලීම්වලදී මොවුන් සතුව තිබී මෙටම්පෙටමින් කිලෝග්‍රෑම් 100ක තොගයක් සොයාගෙන ඇති අතර, සැකකරුගේ ශ්‍රී ලංකා ජාතික භාර්යාවද මෙම ජාවාරමට සම්බන්ධ වන්නට ඇති බවට සැක කෙරේ.

චෙන්නායි සිට රැගෙන ආ මෙම තොගය තමිල්නාඩුව පුරා බෙදාහැරීමට සූදානම් කර තිබී ඇත.

මේ අතර, පක්ෂ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම නිසා භූපාලන් පක්ෂයේ සියලු තනතුරුවලින් වහාම ඉවත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා නාගපතිනම් රේගු කාර්යාලය වෙත භාර දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

රටපුරා විදුලිය විසන්ධි වීම ගැන පරීක්ෂණ වාර්තාව මාසයකින්!

කොළඹ LNW:දිවයින පුරා ඊයේ (17) දිනයේදී සිදුවූ හදිසි විදුලි...