තම දරුවන්ට, තම ස්වාමිපුරුෂයන්ට සහ හිතවතුන්ට සිදු වූයේ කුමක්දැයි සොයා උද්ඝෝෂණ ව්‍යපාරයක් !

Date:

පසුගිය යුද සමයේ නැගෙනහිර පලාතේ අතුරුදන්වූවන්ගේ දෙමවුපියන් බිරින්ඳෑවරුන් ඇතුලු පිරිසක් තම දරුවන්ට, තම ස්වාමිපුරුෂයන්ට සහ හිතවතාට සිදු වූයේ කුමක්දැයි’ සොයා දෙන ලෙස ඉල්ලා කොලඹ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට අද(17) දින පෙරවරුවේ උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යපාරය සඳහා 200ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.

විරෝධතාකරුවන් අතුරුදහන් වූවන්ගේ ඡායාරූප සහ විරෝධතා පුවරු සහිතව විරෝධතාවයේ නිරත වූහ.
පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ පිරිස් එක්සත් ජාතීන්ගේ කාර්‍යාලයට සන්දේශයක් බාර දෙන ලදී.

පසුව විරෝධතාකරුවන් තම දරුවන්ට සිදු වූයේ කුමක්දැයි’ සොයා බැලීමට මැදිහත් නොවීමට විරෝධය පලකරමින් ස්වීස්, ඇමරිකන් සහ බ්‍රිතාන්‍යයතානාපති කාර්‍යාල වලටද ගොස් සන්දේශ බාර දුන්නේය.

සියලුම ඡායාරූප නරඹන්න! පහත link එකට පිවිසෙන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...