*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

චීන සංචාරකයන් 900,000කට වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමට අවධානය!

මෑත කාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බැවින් මේ වසර අවසන් වන විට සංචාරකයන් 900,000 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඉකුත් බදාදා (12) දින ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2022 වසර අවසන් වන විට අවම වශයෙන් සංචාරකයන් 972,475ක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි.

පසුගිය මාස නවය තුළ පැමිණීමේ සංඛ්‍යාලේඛන පිළිබඳව සතුටු විය නොහැකි බවත්, එය ඉතා සෙමින් සිදුවූ වර්ධනයක් වන අතර, නිශේධනයට එරෙහිව පැවති සටනක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් වසරේ ඉතිරි මාස සඳහා ජාත්‍යන්තර සංචාරකයන් පැමිණීම වැඩි කිරීමට උත්සාහ දරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

පනවන ලද සංචාරක සීමාවන් ලිහිල් කර තිබියදීත්, සැප්තැම්බර් මාසයේදී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 29,802 ක් පමණක් වූ හෙයින් ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් ශීඝ්‍ර ලෙස පහත වැටීමකට ලක් විය.

මාලදිවයින වැනි තරඟකාරී රටවල් පසුගිය මාස කිහිපය තුළ මාසිකව සංචාරකයන් 100,000 කට අධික ප්‍රමාණයක් ඔවුන්ගේ රටවලට ගෙන්වා ගැනීමට සමත් වූ අතර, අතර ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ තිබෙන්නේ 30,000 සිට 60,000 දක්වා පමණ බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

COVID-19 වසංගතය සහ ආර්ථික හා දේශපාලන අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ විනිමය උපයන්නන්ගෙන් එකක් වන සංචාරක ව්‍යාපාරය පසුබෑමකට ලක්ව ඇත.

චීනයේ COVID-19 පොදු ප්‍රතිපත්තිය ට අනුව අවසර ලද සැනින් චීන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ වනු ඇති බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති (Qi Zhenhong) මහතා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ දින (16) සහතික විය.

මහින්ද රාජපක්ෂ මහතා හමු වූ චීන තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පවතින සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල් පරාසයක කරුණු රැසක් ඔහු සමඟ සාකච්ඡා කළේය.

සාකච්ඡා අතරතුර, චීනයේ සමාජවාදී ගොඩනැගීමේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ එළඹෙන 20 වැනි ජාතික සම්මේලනයට සුබ පැතුම් එක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) වෙත සුබපැතුම් ලිපියක් භාර දුන්නේය.

ශ්‍රී ලංකාවට එහි අභියෝග ජය ගැනීම සඳහා චීනයේ සහය ලබා දෙන බවට ද චීන තානාපතිවරයා සහතික විය.

ශ්‍රී ලාංකිකයන් චීනයට පැමිණීම සහ චීන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ගැටළුව ද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මතු කළ අතර, ඊට චීන තානාපතිවරයා ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ සිසුන්ට දැනටමත් චීනයට පැමිණීමට වීසා ලබා දී ඇති අතර චීනයේ COVID-19 පොදු ප්‍රතිපත්තිය ට අනුව අවසර ලද සැනින් චීන සංචාරකයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි. මීට අමතරව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි.

නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan