දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/17

Date:

  1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව තුළ ගෙනයනු ලබන වැඩසටහන මඟින් නැවත වරක් රට තුළ ණය පැහැර හැරීමක් සිදුවීමේ ඉඩකඩ ඇති බව, එම අරමුදලේ “සංවෘත” වැඩසටහනක් අතරතුර එහි කථිකයෝ පවසති: ශ්‍රී ලංකාවේ පරිපාලනයේ පවතින ගැටළු කෙරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමුකළ යුතු බව Veritas ආයතනයේ ආචාර්ය නිශාන් ද මෙල් පවසයි: ඉහළ මට්ටමේ දූෂණ නිසා ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩපණ වී ඇති බැවින් රට තුළ පරිපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සම්බන්ධ විය යුතු බව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency International) ආයතනයේ නදීශානි පෙරේරා පවසයි.
  2. 2028 හෝ 2030 වන විට විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළව මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සිදුවනු ඇති බව එම ‍දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලය පවසයි.
  3. ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වදය දීමේ සිදුවීම් වැළැක්වීම සඳහා තම අමාත්‍යාංශය රාත්‍රියේ විශ්ව විද්‍යාල නේවාසිකාගාර “අධීක්ෂණය” කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය ආමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසයි: මෙම තීරණය විශ්වවිද්‍යාල සිසුන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අතර නොසන්සුන්තාවක් ඇති කරනු ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
  4. වෛරස ආසාදන ව්‍යාප්ත වීමේ අවදානම, උෂ්ණත්වයේ සිදුවන උච්චාවචනයන් සහ කාලගුණික තත්ත්වයන්ගේ වෙනස්වීම් මත හට ගැනීමට ඉඩ ඇති බව ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි: වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු නොවී සිටීම මඟින් අනතුරුදායක ප්‍රතිඵල ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.
  5. 2024 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා 2024 අයවැයෙන් රු. බිලියන 11 ක් වෙන් කරන ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි: නිශ්චිත වසරක මැතිවරණයක් පැවැත්වීමට නියමිත වූවහොත් එම වසර සඳහා අයවැයෙන් මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීම සාමාන්‍ය සිරිත බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.
  6. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දරන ප්‍රයද්නය “ජාතික මැතිවරණ කඩාකප්පල් කිරීමේ දේශපාලනික ව්‍යාපෘතියක්” බව පා.ම. මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි: පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය ද දින නියමයක් නොමැතිව කල් දමා තිබූ අවස්ථාවක එවැනි ක්‍රියාවක් කිසිඳු තත්ත්වයක් යටතේ සාධාරණීකරණය කළ නොහැකි බව පවසයි.
  7. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 160ක් ඡන්ද කොට්ඨාශවලින් සහ අනෙකුත් මන්ත්‍රීවරුන් 65 දෙනා සමානුපාතික නියෝජන ක්‍රමයට තෝරා පත් කර ගැනීමේ යෝජනාවක් ඇතුළු මැතිවරණ නීති සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවන මෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටියි.
  8. 2023 ඔක්තෝබර් මස පළමු දින 15 තුළ සංචාරකයන් 50,395ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය පවසයි: සංචාරකයන් 147,789 පැමිණීමේ මාසික ඉලක්කය සඳහා ධනාත්මක ප්‍රවණතාවක් නිර්මාණය කර තිබේ: 2023 වසර සඳහා මේ දක්වා වූ සමුච්චිත පැමිණීම් මිලියන 1.06 ඉක්මවයි.
  9. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරති.
  10. 2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟයේ දී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජය කරයි: ශ්‍රී ලංකාව – 209 (පන්දුවාර 43.3) කුසල් පෙරේරා 78: ඕස්ට්‍රේලියාව – 215/5 (පන්දුවාර 35.2) මධුශංක 38/3.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...