වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම 22 දා. ධාතු කරඬුව වැඩමවීම තානාපති මහින්ද අතින්

Date:

අශෝක ජයතුංග
වොෂින්ටන් නුවර(LNW)
: වොෂින්ටන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම හා සිවුරු පූජාව ඔක්: 22 ඉරිදා පෙව: 10 ට ආරම්භ වන බවත් , එම පිංකමට එක්වන ලෙස විහාරයේ දායකයන් හා හිතවතුන්ට ඇරයුම් කරන බවත් එම දායක සභාව පවසයි.

කැනඩාවෙි ප්‍රධාන සංඝ නායක පඤ්‍ඤාලෝක නාහිමි සමඟ ධම්මසිරි, පඤ්ඤාතිස්ස හා රතනසීහ හිමිවරුන් මෙවර වස් සමාදන්ව වස් ශීලය රැක තිබේ.

මෙවර පිංකමේ අනුග්‍රහය සපයන්නේ වියට්නාම් බෞද්ධයන් වන ලෙයි ඩුයි පන්, ලින් ලොන්ග් ඩිංසන් හා කෙවින් මේ ලී මහත්වරුන් ප්‍රමුඛ වොෂින්ටන් මෙට්‍රොපොලිටන් හි දායකයන් විසිනි.

මෙවර ධාතු කරඬුව වැඩමවීම වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ගේ සුරතිනි. බෞද්ධ පෙරහැර, බුද්ධ පූජාව, දහවල් දානය, කඨින සිවුරු පූජාව, රාහුල නාහිමි පවත්වන විශේෂ ධර්ම දේශනාව හා ආශීර්වාද දේව මෙහෙයක්ද පැවැත්වේ.

පැමිණෙන සියලු ගිහි භවතුන්ට දිවා ආහාරය පිරිනැමීම සිදු කෙරෙන අතර, විවිධ විහාරස්ථාන වලින් වැඩමවූ හිමිවරු 20 නමක් ද මෙම පිංකමට එක්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...