2023 සැප්තැම්බර් මාසයේදී සේවා වර්ධනය වන විට නිෂ්පාදනයේ පසුබෑමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ශ්‍රී ලංකාව නිෂ්පාදන අංශයේ පසුබෑමක් දක්නට ලැබුණමුත් 2023 සැප්තැම්බර් මාසයේදී සේවා අංශයේ වර්ධනයක් පෙන්නුම් කළ බව මහ බැංකුවේ PMI සමීක්ෂණය විසින් කළ මෑත කාලීන් වාර්තා පෙන්වා දෙයි.

2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිෂ්පාදනය 45.7ක අගයක් වාර්තා කළ අතර, එයට හේතු ලෙස පාරිභෝගික ඉල්ලුම අඩුවීම, ආනයනික භාණ්ඩවලින් තරඟකාරීත්වය වැඩිවීම සහ ගෝලීය ඉල්ලුම අඩුවීම, විශේෂයෙන්ම ආහාර, පාන වර්ග, රෙදිපිළි සහ ඇඟලුම් වැනි අංශවල ඍණාත්මක ලෙස බලපෑවේය.

කෙසේ වෙතත්, උත්සව සමයේ අපේක්ෂිත වැඩි ඉල්ලුම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ නිෂ්පාදන කටයුතු සඳහා සුබවාදී අදහස් පවතී. එයට හේතු සාධක අතරට නව ව්‍යාපාරවල, විශේෂයෙන්ම මූල්‍ය සේවා, සිල්ලර වෙළඳාම, රක්ෂණය සහ අධ්‍යාපනය වැනි අංශවල වර්ධනය ඇතුළත් වේ.

ණය දීමේ අනුපාත අඩුවීම හේතුවෙන් ණය ඉල්ලුම ඉහළ යාමෙන් මූල්‍ය සේවා ප්‍රතිලාභ ලබන අතර, සංචාරක පැමිණීම අඩුවීම හේතුවෙන් ආගන්තුක සත්කාර අංශයේ සුළු පසුබෑමක් දක්නට ලැබුණද, අධ්‍යාපනය සහ ප්‍රවාහනය වැනි අංශවල වර්ධනයක් පෙන්නුම් කළේය.

සේවා නියුක්තිය සම්බන්ධයෙන් ගත් කල, සමාගම් කිහිපයක් බඳවා ගැනීම් ඉහළ යාමක් දක්නට ලැනබූ අතර, නිෂ්පාදනයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණි.

සම්පූර්ණ වාර්තාව කියවන්න: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20231016_pmi_september_2023_e.pdf

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...