*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරය ගැන ලොවට දුන් සහතිකය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගර පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.

ගෙවා දැමූ දුෂ්කර දශකයකට පසු ශ්‍රී ලංකාව ළඟාකර ගනිමින් සිටින සාර්ථකත්වය පිටුපස ඇති රහස, කොළඹ වරාය නගරය මත රඳා පවතින බව ඔහු පවසා ඇත.

එය ඵලදායි ආයෝජන අවස්ථාවක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්ද නිර්දේශ කර ඇති බව , කොළඹ වරාය නගරයේ අයෝජන අවස්ථා පිළිබඳ ඩුබායිහීදි පැවැති ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය ආයෝජකයින් සඳහා පමණක් සංවිධානය කර තිබු එකකි.

උත්සවය ඇමතූ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්,

අද අපිට කළ හැකි දෙයක් වන්නේ අද මාධ්‍යයෙන් කියවෙන මේ සියල්ල චීනය සතුවන, චීනය මගින් පවත්වාගෙන යන, චීනය විසින් පාලනය කරන අතර, ශ්‍රී ලංකාවට බරපතළ අත්වැරැද්දක් සිදුවී ඇති බවට වන වැරදි මතය නිවැරදි කිරීමයි.

ඇත්තෙන්ම ඔබ නිවැරදිව සොයා බැලුවොත් පෙනීයාවී සැබැවින්ම එය ශ්‍රී ලංකාව සතුවන අතර, ශ්‍රී ලංකාව විසින් සකස් කරන ලද නීතී රෙගුලාසි යටතේ පාලනය වන බව. ඔව්. එහිදී චීනය ආයෝජනයක් සිදුකර තිබෙනවා. ඒ මුහුදු ගොඩකර වරාය ඉදිකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වන නිසා.

දැන් උදාවී තිබෙන්නේ අනෙක් පාර්ශ්වයන්ටත් ඊට සමගාමීව ආයෝජන සිදුකර මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය, අත්විඳීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා නීතී රෙගුලාසී ශ්‍රී ලංකා රජය සකස්කර තිබෙනවා. එම නීතී වෙනත් කිසිවෙකු සකස්කළ ඒවා නෙවෙයි.

කොළඹ වරාය නගරය තවදුරටත් ශ්‍රී ලංකාවේ ස්වෛරී භූමි භාගයක්. චීන සමාගම එහි කොටසක් කල් බදු ක්‍රමයට ලබාගෙන ඇති අතර එය නැවතත් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට හිමිවනවා. එය විශේෂයෙන් වැදගත් වන්නේ මේ ආකාරයේ විශේෂ‍ ආර්ථික කලාප බොහෝමයක්, සාර්ථකත්වය ලබමින්, මෙහෙයුම් සිදුකරන රටේ සාර්ථකත්වයට උරදෙන අතර එය අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැතිවීමයි. ඒ තවත් ආයෝජන ඊට ලැබෙන හේතුවෙන්.

ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් අධ්‍යයනයකට අනුව මෙය රැකියා ලක්ෂ 2ක් පමණ බිහිකළ හැකි ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් දැක්විය හැකි ව්‍යාපෘතියක්. සිය වාර්තා මගින් යම් ප්‍රශ්න මතු කළද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා, මෙය ව්‍යාපාරවලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා හොඳ අවස්ථාවක් බව. මට කිව හැක්කේ මෙහි පැමිණීම පවතින අවස්ථාවන්ගෙන් ඵල ලබාගැනීමේ හොඳ පියවරක් බවයි.”

ලෙස කැමරන් මහතා ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan