ජොන්ස්ටන් ආගිය අතක් නෑ!

Date:

කොළඹ LNW: ලියාපදිංචිය නොකරන ලද බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් නීතිවිරෝධීව තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් අරඹා ඇති අතර තවදුරටත් ඔහුව සොයා ගැනීමට නොමැති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට ඔහුව දින තුනක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටියි.

මීට පෙර බී.එම්.ඩබ්ලිව් මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව කැදවා තිබුණ ද ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා ප්‍රකාශයක් ලබා දීමට පැමිණ නැත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන මෙරටදී එකලස් කරන ලද බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථය හිල්ටන් හෝටලය වෙත ගෙනවිත් දමා තිබියදී සොයා ගැනුණි.

මෙම මෝටර් රථය ලියාපදිංචි කළ එකක් නොවන අතර එහි ව්‍යාජ අංකයක් යොදා පාවිච්චි කර ඇති බවත් හෙළිවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සොයා ගැනීමේ මෙහෙයුමා තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...