සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දෙමාපියන්‍ට පණිවිඩයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18 , කොළඹ (LNW):

ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සදහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු දක්වා තිබේ.

අදාළ සිසුවියන් තුළ නිරීක්ෂණය කරන ලද රෝග ලක්ෂණ දිගුකාලීන හානියක් සිදු නොවන, එන්නත ලබාදෙන මොහොතේ ඇති වූ කාංසා තත්ත්වය ආශ්‍රිත ප්‍රතික්‍රියාවක් බව එහි සඳහන්ව ඇත. අදාළ සිසුවියන් වෙත එහිදී කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

පාසල් එන්නත් වැඩසටහන්වලදී එවැනි ප්‍රතික්‍රියා දැකිය හැකි අතර, අනවශ්‍ය කැළඹීමකට පත් නොවිය යුතු බවද එම නිවේදනයේ සඳහන්ව ඇත. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව සාමාන්‍ය ක්‍රියාදාම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එහි සඳහන් ව ඇති බව පැවසේ.

HPV එන්නතෙහි ආරක්ෂාව පිළිබදව විශ්වාසය තහවුරු කර ගන්නා ලෙසත්, නියමිත එන්නත් මාත්‍රාවන් සම්පූර්ණ කිරීමෙන් තම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය සියළුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...