සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දෙමාපියන්‍ට පණිවිඩයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18 , කොළඹ (LNW):

ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සදහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු දක්වා තිබේ.

අදාළ සිසුවියන් තුළ නිරීක්ෂණය කරන ලද රෝග ලක්ෂණ දිගුකාලීන හානියක් සිදු නොවන, එන්නත ලබාදෙන මොහොතේ ඇති වූ කාංසා තත්ත්වය ආශ්‍රිත ප්‍රතික්‍රියාවක් බව එහි සඳහන්ව ඇත. අදාළ සිසුවියන් වෙත එහිදී කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

පාසල් එන්නත් වැඩසටහන්වලදී එවැනි ප්‍රතික්‍රියා දැකිය හැකි අතර, අනවශ්‍ය කැළඹීමකට පත් නොවිය යුතු බවද එම නිවේදනයේ සඳහන්ව ඇත. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව සාමාන්‍ය ක්‍රියාදාම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එහි සඳහන් ව ඇති බව පැවසේ.

HPV එන්නතෙහි ආරක්ෂාව පිළිබදව විශ්වාසය තහවුරු කර ගන්නා ලෙසත්, නියමිත එන්නත් මාත්‍රාවන් සම්පූර්ණ කිරීමෙන් තම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය සියළුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...