වාහන ආදායම් බලපත්‍ර ගැන ඇමතිගෙන් නව උපදෙස්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18 , කොළඹ (LNW):

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත් , එය ක්‍රියාත්මක වූ බව සඳහන් වූ නමුදු අත්‍යවශ්‍යම පළාත වන බස්නාහිර පළාත සඳහා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි.

බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් මේ පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාව මැසිවිලි නගන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම දුෂ්කරතාවය පිළිබඳ අවධානය යොමු කරමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත්තේ, බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නට අවශ්‍ය කටයුතු සඳහා අදාළ අංශවලට උපදෙස් දෙන ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඩොලර් බිලියන 2 දක්වා දැවැන්ත කප්පාදුවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් ප්‍රතිසංස්කරණ ඉල්ලා...

බීමතින් රිය පදවන අයට නීති දැඩි වෙයි. කරමුලටම හිර කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත්...

අඩුම පන්දු ගණනකින් තීරණය විසදුණ ටෙස්ට් තරග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: අවශ්‍යයතා ඇති අයට ත්‍යාග...

ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ” කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: අද (29) දින උදෑසන...