මීට පෙර ආණ්ඩු මීට වඩා භයානක අපරාධකරුවන් පිටරටදී ඇල්ලුවා. දැන් මේක විශාල සංදර්ශනයක් කරගෙන – විමල්

Date:

විදේශ රටවලදී අත් අඩංගුවට ගත් අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය පොලීසිය විසින් විශාල මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කරගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

“අපරාධකාරයො ගෙන එන එක තරම් දර්ශනීය, අලංකාර ප්‍රවෘත්ති අද අපට අහන්න ලැබෙන්නෙ නැහැ. ගුවන් යානයෙන් බහින තැන දක්වා ඒක ඉතාම විචිත්‍රවත් මාධ්‍ය සංදර්ශනයක් බවට පෙරළාගෙන තියෙනවා. මීට පෙර අතීතයේ හිටපු ආණ්ඩු මීටත් වඩා භයානක අපරාධකාරයො විදේශ රටවලදී අත් අඩංගුවට අරගෙන – උදාහරණයක් හැටියට කේ.පී. කියන පුද්ගලයාව ලංකාවට ගෙනාවා, ගෙනාපු විදිහ කවුරුත් දැක්කෙ නෑ – ඇත්තටම ගත්තොත් අපේ ක්‍රීඩකයො ක්‍රීඩිකාවො විදේශ රටවල ගිහිල්ලා පදක්කම් අරගෙන එනවා, කෝ ඒවාට මේ විදිහේ මාධ්‍ය ආවරණයක් ? පොලීසිය මේක අද විශාල ප්‍රදර්ශනාත්මක ක්‍රියාවලියක් බවට පත් කරගෙන”

විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...