ඇන්ඩෲ කුමරු යෝර්ක්හි ආදිපාදවරයා ලෙස සිය පදවිය අත්හරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද මුල්‍ය වංචාකරුවකු හා ලිංගික අපරාධකරුවකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව වසර ගණනාවක් තිස්සේ එල්ල වූ විවේචනවලින් අනතුරුව ඇන්ඩෲ කුමරු යෝර්ක්හි ආදිපාද පදවියෙන් ඉවත්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

චාල්ස් රජුගේ බාල සහෝදරයා සහ අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන 65 හැවිරිදි ඇන්ඩෲගේ කීර්ති නාමය මෑත වසරවලදී දැඩි ලෙස විවේචනයට ලක්වූ අතර එම සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් ඇන්ඩෲ කුමරු සඳහන් කර තිබුණේ, තමා තවදුරටත් පදවිය හෝ ගෞරවය භාවිතා නොකරන බවයි.

කුමරු වටා දිගටම පැවති අපකීර්තිය පිළිබඳව බකිංහැම් මාලිගයේ කලකිරීමක් වර්ධනය වෙමින් පැවති අතර ඒ අනුව, ඔහු රාජකීය වික්ටෝරියානු නියෝගයේ (GCVO) නයිට් ග්‍රෑන්ඩ් ක්‍රොස් යන පදවිය සහ ගාටර් නියෝගයේ රාජකීය නයිට් කම්පැනියන් ලෙස ඔහුගේ ගාටර් භූමිකාව අත්හරිනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...