අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අධිකරණ නිළධාරින්ට දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW :

දෙසැම්බර් 31 වැනි දිනට පෙර, අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ ලබන නිශ්කාෂණය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිළධාරින් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

එම කටයුතු සිදුකිරීම වෙනුවෙන් අද සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා, සති අන්ත දිනවල හෝ රජයේ නිවාඩු දිනයක, නැවත අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අවසර ඇයැදීමකින් තොරව එම කටයුතුවල නිරත විය හැකි බව, එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.ජේ.දිසානායක මහතා චක්‍රලේඛයක් මගින් සියළුම මහාධිකරණ විනිසුරුවන් හා අධිකරණ නිලධාරීන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව මහාධිකරණයක නඩු භාණ්ඩ කාමරය හෝ ලේඛණාගාරය විවෘත කිරීම මහාධිකරණ විනිසුරු විසින් නම් කළ සුදුසු නිළධාරියෙකු ගේ සෘජු අධික්ෂණය යටතේ සිදුකල යුතු බව, අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

දිසා/මහේස්ත්‍රාත් අධිකරණයක හෝ මහේස්ත්‍රාත් අධිකරණයක නඩු භාණ්ඩ කාමය හෝ ලේඛණාගාරය විවෘත කිරීම දිසා විනිසුරු, මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු හෝ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ යුතු වේ. අධිකරණ කාර්යාලය විවෘත කිරීම රෙජිස්ට්‍රාර් හෝ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයාගේ සෘජු අධික්ෂණය යටතේ සිදුකල යුතු බවද අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්ව ඇති බව පැවසේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...