ඡන්දෙ තියන්නේ නැතිනම් කිසිම මැතිවරණ ක්‍රමයක් වෙනස් කරන්න සහයෝගය දෙන්නේ නැහැ – සජිත් (VIDEO)

Date:

සෘජු හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හා ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට අගමැතිවරණ ආරාධනා කර ඇති බවත් පළාත් පාලන මැතිවරණ, පලාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය කල් දමමින් ජනතාවගේ මැතිවරණ අයිතිය හා මූලික අයිතිය උල්ලංඝනය කර ඇති වත්මන් රජය සමඟ සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සාකච්ඡාවකට නොයෙන බවත් යම් හෙයකින් මැතිවරන ක්‍රමය වෙනස් කරන්නේ විධිමත් ජනවරමකින් පසුව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රජය මැතිවරණ ක්‍රම වෙනස් කරන මුවාවෙන් ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමට උත්සාහ දරන බවත් එයට ඉඩදිය නොහැකි බවත් පැවසු විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙම සංශෝධන සිදු කළ යුත්තේ සියලු මැතිවරණ නිවැරදි කාලය තුළ පැවැත්වීමෙන් පසුව බව යි.

එසේ ම මැතිවරණ කොමිසම මැතිවරණ පැවැත්වීමට අදාළ හිඟ මුදල් ඉල්ලා ඇති අවස්ථාවක එය ලබා දෙන්නේ කවදාද කියා විමසා සිටින බවත් දැනටමත් මිලියන ගණනාවක් මුදල් වියදම් කර ඇති මොහොතක මැතිවරණ ක්‍රමය අහෝසි කරනවා කියා ජනතාවගේ මානව අයිතියත් රටේ මුදලුත් විනාශ කිරීමට රජය උත්සහ කරන බවත් විවිධ පනත් ගෙනවිත් ජනතාවගේ කට වසා දැමීමට උත්සාහ කරන මේ මොහොතේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද හිතාමතා විවිධ උප්පරවැට්ටි ගෙනවිත් පළාත් පාලන මැතිවරණය පවා කල් දැමීමට රජය උත්සාහ කර ඇති මොහොතක සත්භාවයෙන් හෝ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සහයෝගය දිය නොහැකි බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කර අධිකරණයේ විනිසුරුවන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වරප්‍රසාද කමිටු ඉදිරියට ගෙන එන බවට තර්ජනය කරන අවස්ථාවේ සත්භාවයක් ආණ්ඩුවට නොතිබූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...