ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුම් ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද ? ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැද පෙරදිග කලාපයේ පවතින වර්තමාන තත්ත්වය, එසේම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දේශ සීමා සම්බන්ධයෙන් පවතින ගැටුම මගින් ශ්‍රී ලංකාවට සිදු වන බලපෑම පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව ඇත.

මෙම කමිටුව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ.

මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සිදු වන බලපෑම පිළිබඳව මෙම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් විමසන ලදි. මේ අනුව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ තෙල්මිල වැඩිවීම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තය යන අංශ ඔස්සේ යම් බපෑමක් වන බවයි. විශේෂයෙන්ම ගාසා තීරය සම්බන්ධයෙන් පවතින ගැටුම හේතුවෙන් ලෝක තෙල් මිල සම්බන්ධයෙන්ද බලපෑමක් වන බව මෙහිදී සඳහන් විය.

එසේම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමේදී හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලට ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුද හසුවී ඇතැයි ව්‍යාප්ත වන පුවත සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂා කිරීම් සිදු කරන බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය.

තවද, හමාස් සංවිධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල සැරිසරන වීඩියෝවක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර , කමිටුව පෙන්වා දුන්නේ එය ව්‍යාජ වීඩියෝවක් බවයි. මෙය වීඩියෝ ගේම් එකක කොටසක් බවද කමිටුව විසින් පෙන්වා දෙන ලදි.

එසේම, මැදපෙරදිග තත්ත්වය ආශ්‍රීතව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ ගතවීමේ උනන්දුව පිළිබඳවද ගරු නාමල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ මැද පෙරදිග රැකියාවලට යෑම සම්බන්ධයෙන් මේ දිනවලද ශ්‍රී ලාංකිකයින් තුළ විශාල උනන්දුවක් පවතින බවයි. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම කාලසීමාව තුළ මැද පෙරදිග රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම සීමා කොට ඇති බවද මෙහිදී පැවසීය.

තවද, ඊශ්‍රායල රටේ දැනට රැකියාවල නිරතවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳවද කමිටුව මෙහිදී විමසන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වා දන්නේ එසේ විදේශ ගතවී සිටින ශ්‍රමිකයින් සිටින ප්‍රදේශ ආරක්ෂිත බැවින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවයි.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation) ඊශ්‍රායලය සහ පලස්තීනයේ ආර්ථිකය පිළිබඳව පෙන්වා දෙන ලදි.
මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසද නාමල් රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට නිර්දේශ කරන ලදි.

එසේම, තමිල්නාඩුවේ සිටින ශ්‍රි ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් මෙම කමිටුවේ අවධානය යොමුකොට එම සරණාගතයින් මෙරටට ගෙන්වීම පිළිබඳ සලකා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් යෝජනා කරන ලදි. මේ අනුව මේ පිළිබඳ පරීක්ෂා කර බලා මෙම කමිටුවට මේ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ පාර්ශ්ව වෙත නාමල් රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දීමක්ද සිදුවිය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (17) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී. එල්. පීරිස්, යදාමිණී ගුණවර්ධන, අකිල එල්ලාවල සහ (නීතිඥ) මධුර විතානගේ යන මහත්වරු සම්බන්ධ වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායි අගමැතිනිය ජාතියෙන් සමාව අයදියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ හිටපු අගමැති...

දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ...

‘පුලුවන්නම් හැප්පිලා බලමු’ ඉරානය ට්‍රම්ප්ට අභියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක්...

නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වසර හතරකට වරක් පැවත්...