මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්! අදත් 11ක් ලැබිලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති අතර ,ඒ අනුව පනත් කෙටුම්පතට එරෙහිව ලැබී ඇති පෙත්සම් සංඛ්‍යාව 45 ක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පසුගිය 3 වැනිදා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර , ජනාධිපතිවරයා පත් කරන කොමිසමක් මගින් සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ඔන්ලයින් ප්‍රකාශන මර්දනය කිරීමට අදාළ නව නීති පැනවීම මෙම පනතට ඇතුළත් වේ.

මෙම කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා පත් කරන කොමිසමේ නියෝග මත සමාජ මාධ්‍ය ගිණුම් ඇතුළු ඕනෑම ඔන්ලයින් ප්‍රකාශනයක් තහනම් කිරීමට හා අවහිර කිරීමටත් එම ප්‍රකාශන සම්බන්ධයෙන් සිරඳඩුවම් නියම කිරීමටත් නීති පැනවීමට යෝජනා කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායි අගමැතිනිය ජාතියෙන් සමාව අයදියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ හිටපු අගමැති...

දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ...

‘පුලුවන්නම් හැප්පිලා බලමු’ ඉරානය ට්‍රම්ප්ට අභියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක්...

නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වසර හතරකට වරක් පැවත්...