සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සිය ඉල්ලීම් රැගෙන මුදල් අමාත්‍යංශයට!

Date:

කොළඹ LNW: පවතින ආර්ථික තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදුව තිබෙන ප්‍රශ්නකාරී කාරණා සම්බන්ධයෙන් අද (18) මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර සාකච්ජාවක් සිදුවිය.

ඒ ව්‍යවසායක අරගල මධ්‍යස්ථානයේ මැදිහත්වීම මතය.

මේ වන විට එම ව්‍යවසායකයන්ගේ ගැටළු විසඳීම සඳහා රු.මිලියන 100ක මුදලක් බැංකු 13ක් වෙත ලබා දී තිබෙන බවයි එහිදී අධ්‍යක්ෂවරිය සඳහන් කර ඇත්තේ.

එහෙත් මෙතෙක් එම ණය මුදල් කිසිදු ව්‍යවසයකයෙකුට ලැබී නැති බව එහිදී අනාවරණය විය.

එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඩොලර් මිලියන සීයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට ලබාදෙන බවද සඳහන් කර තිබෙන අතර දැන් මතුව තිබෙන ප්‍රශ්නය වන්නේ කලින් ලබාදුන් මුදල් ගොස් ඇත්තේ කොහාටද යන්න බව ව්‍යවසායක අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් සරත් කරුණාරත්න මහතා විමසා සිටියි.

එම නිසා එලෙස ලැබෙන මුදල් සුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටම ලබාදෙන ලෙස අධ්‍යක්ෂවරියව දැනුවත් කළ අතර ඒඅනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පමණක් ලබාදෙන වැඩපිළිවෙලක් සකසන බව අධ්‍යක්ෂවරිය සඳහන් කර තිබේ.

එමෙන්ම සියලු නිලධාරීන් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට දිනයක් ලබා දීමට ද පොරොන්දු වී ඇති බවද කරුණාරත්න මහතා ප්‍රකාශකරයි.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ඉල්ලීම් වී ඇත්තේ පරාටේ නීතිය හරහා දේපල වෙන්දේසිය නතර කරන ලෙස,මූල්‍ය සමාගම් විසින් ලිසිං ගෙවාගත නොහැකි වාහන බලහත්කාරයෙන් රැගෙන යාම නතර කර දීම,විදුලිය මිල අසීමිත ලෙස වැඩි වී තිබීම, සාධාරණ ලෙස බදු අය කිරීම, බදු පැහැරහැර ඇති මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ඒවා අය කරගැනීම යන කරුණුය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඊශ්‍රායලය කටාරයේ...

ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස...

වාර්තාගත ආදායමක් ලැබූ ශ්‍රී ලංකා රේගුව…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : 2025 වසරේ ගත...

අපහසු තරගය පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකාව පහසු තරගය අපහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ශ්‍රී ලංකාව දුෂ්කර අවස්ථාවලට මුහුණ දීමට...