බඩු මිල ඉහළ පහළ යනවා. ඒක සාමාන්‍ය දෙයක්. එකක් වැඩි වෙනකොට තව එකක් අඩුවෙනවා – ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය ආණ්ඩු සමයේ පැවති තත්වයට වඩා විශාල වශයෙන් බඩු මිල ඉහළ යාමක් සිදුව නොමැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“මෙහෙමයි, බඩු මිල සාමාන්‍යයෙන් ඉහළ පහළ යනවා. ඒක සාමාන්‍ය දෙයක්. සමහර දෙයක් ඉහළ යනකොට සමහර දෙයක් සමහර වෙලාවට පහළට යනවා. ඒකෙ මිල එහාට මෙහාට වෙන එකක් තියෙනවා. නමුත් තිබුණු තත්වයට වඩා ලොකූවට දරාගන්න බැරි තරමට භාණ්ඩ හා සේවා මිල ඉහළ ගිහිල්ලා කියලා තත්වයක් නෑ. නමුත් හිටපු ගමන් බිත්තරේ අඩුවෙනවා, බිත්තරේ වැඩිවෙනවා. අඩු වුණාම කට්ටියට සතුටුයි, නමුත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට අවාසියක් වෙනවා. ඒක බැලන්ස් කරකර ගෙනියන්න වෙනවා”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මහනුවර මධ්‍යම වෙළඳ සංකීර්ණයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...