බඩු මිල ඉහළ පහළ යනවා. ඒක සාමාන්‍ය දෙයක්. එකක් වැඩි වෙනකොට තව එකක් අඩුවෙනවා – ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය ආණ්ඩු සමයේ පැවති තත්වයට වඩා විශාල වශයෙන් බඩු මිල ඉහළ යාමක් සිදුව නොමැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“මෙහෙමයි, බඩු මිල සාමාන්‍යයෙන් ඉහළ පහළ යනවා. ඒක සාමාන්‍ය දෙයක්. සමහර දෙයක් ඉහළ යනකොට සමහර දෙයක් සමහර වෙලාවට පහළට යනවා. ඒකෙ මිල එහාට මෙහාට වෙන එකක් තියෙනවා. නමුත් තිබුණු තත්වයට වඩා ලොකූවට දරාගන්න බැරි තරමට භාණ්ඩ හා සේවා මිල ඉහළ ගිහිල්ලා කියලා තත්වයක් නෑ. නමුත් හිටපු ගමන් බිත්තරේ අඩුවෙනවා, බිත්තරේ වැඩිවෙනවා. අඩු වුණාම කට්ටියට සතුටුයි, නමුත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට අවාසියක් වෙනවා. ඒක බැලන්ස් කරකර ගෙනියන්න වෙනවා”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මහනුවර මධ්‍යම වෙළඳ සංකීර්ණයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...