මේ යන විදියට බැලුවොත් ගිය ආණ්ඩුවටත් වඩා මේ ආණ්ඩුව ණය ගන්න තත්වයක් තමයි තියෙන්නේ – හර්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය ආණ්ඩුවල ණය ගැනීම් සම්බන්ධයෙන් ඉතා දැඩි විවේචන එල්ල කළ ජාතික ජන බලවේගය දැන් ආණ්ඩු බලය ලබාගැනීමෙන් අනතුරුව පසුගිය ආණ්ඩුවලටත් වඩා වැඩියෙන් ණය ගන්නා තත්වයක් පෙන්නුම් කරන බව සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“මට හොඳට මතකයි බොහෝ තර්ක ඉදිරිපත් කළා ඕගොල්ලොන්ගෙ ආණ්ඩුවෙන් මහා ලොකුවට ණය ගත්තා කියලා මඩ ගැහුවා. ණය ගන්න ඕනෙද මෙහෙම කියලා කිව්වා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නෙ ? මේ යන විදියට බැලුවොත් එහෙම ගිය ආණ්ඩුවට වඩා මේ අලුතින් පත්වෙච්ච ආණ්ඩුව ණය ගන්න තත්වයක් තමයි තියෙන්නෙ. යතාර්ථය තමයි මේක. අලුත් ණය ගන්න ප්‍රමාණය යම්කිසි විදියකට අඩුකරගන්න පුළුවන් වෙන්නෙ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය තවදුරටත් ශක්තිමත් කරගත්තොත් විතරයි. ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ශක්තිමත් වෙන්න නම් රජයේ ආදායම වැඩිවෙන්න ඕනෙ. ආදායම වැඩිවෙන්න නම් මූලික වශයෙන්ම බදු තමයි ලබාගන්න ඕනෙ. ඉතින් අපි වැඩි විවේචනයක් ඉදිරිපත් කරන්නෙ නෑ ආණ්ඩුවට. මොකද, අපි බලාගෙන ඉන්නවා කොහොම බ්ලූ ප්‍රින්ට් එකට එහා ගිය, මේකට වෙනස් වෙච්ච වැඩපිළිවෙලක් ඔවුන් ඉදිරිපත් කරන්නෙ කියලා. ජනාධිපතිවරයාට මුදල් බලය නෑ. ඇත්ත වශයෙන්ම දේශපාලන කෝණයකින් බලන්නෙ නැතිව ගොඩගන්න නම් පාර්ලිමේන්තුවට තමයි ඒ වගකීම තියෙන්නෙ. නැත්නම් වෙන්නෙ නැවතත් මේක මහා අගාධයකට තල්ලු වෙන එක විතරයි”

ප්‍රශ්නය – ණය ගන්නවා ණය ගන්නවා කියන එක දැන් කාලයක් තිස්සේ ආපු එකක්නෙ. දැන් ඔබතුමා කියන්නෙ වර්තමාන ජනාධිපතිතුමා මේ රෝලක්ද ගහන්නෙ ?

“මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ රෝල් ඕවර්. රෝල කියන වචනෙ ඇවිල්ලා තියෙන්නෙ රෝල් ඕවර් කියන ඉංග්‍රීසි වචනෙන්. එතකොට රෝල් ඕවර් කරන්නෙ මොකක්ද ? කැපිටල් එක. ජනතාවට කිව්වෙ මොකක්ද, ගිය ආණ්ඩුව අන්න බලන්න අච්චර ණය ගත්තා, මෙච්චර ණය ගත්තා මොනවද මේ ණයවලින් කරේ, හොරකම් කළා කියලා කිව්වා”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (18) සජබ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...