සූරියෝ, කිරුළ රැක ගැනීමේ සටන පිලපීනයට එරෙහිව පහසු ජයකින් අරඹති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 19, (LNW) කොළඹ :

වත්මන් ආසියානු සූරීන් වන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඉන්දියාවේ පැවත්වෙන 13 වන ආසියානු නෙට්බෝල් සූරතාවලියේ පළමු තරගය පිලිපීනයට එරෙහිව ලකුණු 73-42 ක් ලෙස ජයග්‍රාහිව නිමා කරන්නට සමත් වුනා.තරගය ජය ගැනීම පැහැදිළිව දකින්නට තිබුණු බැවින් ජයග්‍රහණයේ විශාලත්වයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ක්‍රීඩිකාවන් තරගයට යොදා ගනිමින් ඔවුන්ට අත්දැකීම් ලබා දෙන්නට මෙන්ම ඉදිරියේදි අදාළ පරිසරය තුළ හොඳම කණ්ඩායම යොදා ගැනීමේ අභිලාෂයෙන් ක්‍රීඩා කරනු දකින්නට ලැබුණා.

කෙසේ නමුත් පිලීපීන ක්‍රීඩිකාවන්ගේ ආධුනිකත්වය මෙහිදී පැහැදිළිව දකින්නට ලැබුණු අතර,තරග වේගය සහ ශිල්පීය ක්‍රමවේද අතින් පසුපසින් සිටි ඔවුන්,බලාපොරොත්තු වූවාට වඩා ශරීර හැඩයෙන් විශාල කණ්ඩායමක් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකා වෙනස්වීම්වලදී කණ්ඩායමේ සමබර තත්ත්වය යම් ආකාරයකට වෙනස් වෙනු දැකිය හැකි වීමත්,එවැනි තැන්වලදී පිලපීනය නොසිතූ තර්ජනයක්ව නැඟෙක ආකාරයත් දකින්නට ලැබුණු අතර ඒ ආකාරයට ඔවුන් තෙවන කාර්තුවේ වැඩි වාසිය ශ්‍රී ලංකාවෙන් උඳුරා ගන්නටද සමත් වුණා. අවසාන ලකුණු ප්‍රමාණය 73-42 ක් වූ මෙම තරගයේ ලකුණු සටහන කාර්තුවෙන් කාර්තුවට වෙනස් වූයේ ලකුණු 24-08,18-09,14-17,17-08 ක් ලෙසයි.
මෙම තරගයේ සිඳු වූ විශේෂ සිදුවීමක් වූයේ ශ්‍රී ලංකාව සතු ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවක් වන ගයනි දිසානායක සිය සියවන ජාත්‍යන්තර තරගයට සහභාගි වීමයි.ඇය තරග සියයකට සහභාගි වූ සිව්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන අතර ඇයට පෙර මෙම කඩඉමට ගයත්‍රී ලංකාතිලක,ශසිකා සමරසිංහ සහ තර්ජනී සිවලිංගම් පැමිණ සිටියා.එසේම ආසියානු සූරතා තරගාවලි වැඩිම ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩිකාව හැටියට තරගාවලි 6 ක් ක්‍රීඩා කිරීමේ ගෞරවය ද ඊයේ තර්ජනීගේ තනි උරුමයෙන් සම උරුමයක් බවට පත් කර ගන්නට ද ගයනි සමත් වුණා.


ශ්‍රී ලංකාවේ දෙවන තරගය අද(19) තරගාවලිය පළමුවරට නියෝජනය කරන සවුදි අරාබිය සමග පැවත්වෙන අතර තරගාවලියේ ආරම්භක දිනයේ දී ඉහළම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණේ සිංගප්පූරුවයි.ඔවුන් මෙම තරගාවලියට පළමු වරට මුහුණ දෙන ඉරාකයට එරෙහිව ලකුණු 122 – 3 ක් ලෙස ජය ගන්නට සමත් වුණ අතර ඉරාකය මෙම තරගයේදී පළසු කාර්තුවේ දී ලකුණු 2 ක් සහ සිව්වන කාර්තුවේදී ලකුණු 1 ක් රැස් කරන්නට සමත් වුණා.


මාල දිවයින සහ සවුදි අරාබිය අතර තරගය ලකුණු 73 – 14 ක් ලෙස මාල දිවයින ජය ගන්නට සමත් වූ අතර තායිලන්තය බෘනායි කණ්ඩායම පරාජයට පත් කළේ 68 – 45 ක් ලෙසයි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!

කොළඹ LNW: දණ්ඩ නීති සංග්‍රහයේ 386,388 වගන්ති හා පොදු...

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...