ආරක්ෂක ප්‍රධානීන් ජනපතිගෙන් කළ ඉල්ලීම!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

ආරක්ෂක ප්‍රධානීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.හිස ඔසවමින් ඇති පාතාලය මැඬලීමට නම් පාතාල මර්දනයට කැපවුණු නිලධාරීන්ට පවරා ඇති මානව හිමිකම් නඩු හා අත්අඩංගුවට ගැනීමේ නියෝගවලින් ඔවුන්ව මුදාහැර දෙන ලෙසයි.

පොලිස් විශේෂ කාර්යබළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මෙහිදී පෙන්වාදී ඇත්තේ, පාතාල මර්දනයට කැපවූ නිලධාරීන්ව අත්අඩංගුවට ගැනීමට හා එම නිලධාරීන් මානව හිමිකම් කඩකළ බව කියමින් දැනටමත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට එරෙහිව නඩු දාහතක් විභාග වන බවයි .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ අවස්ථාවේ, හිසඔසවන පාතාලය මැඬලීමට ඇති ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීමේදී මේ බව හෙළිව ඇත. මෙම ආරක්ෂක කවුන්සිලයට නීතිපති පාරින්ද රණසිංහද කැඳවා ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් වහාම මේ සඳහා මැදිහත්වන්නැයි නීතිපතිට දැනුම්දී ඇත.

පාතාල මර්දන මෙහෙයුම්වලට එක්වූ නිලධාරීන්ට අපරාධකරුවන්ගේ පාර්ශ්වලින් පවරා ඇති නඩුවලට ඉදිරිපත්වීමේදී නීතිපතිවරයා පෙනී නොසිටින නඩු සඳහා තම පුද්ගලික මුදලින් නීතිඥවරුන් සොයා ගැනීමට විමර්ශකයන්ට සිදුවී තිබේ. දැනට විභාගවන නඩු දාහතෙන් දොළහක්ම මානව හිමිකම් කැඩූ බව කියමින් පැනවූ නඩුය. පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම්වලදී වෙඩි හුවමාරුවලට ලක්ව මියගිය පාතාලයන්ගේ නඩු තීන්දුව නොදී නඩු දිග්ගැස්සීම නිසා නිලධාරීන් කලකිරීමට පත්ව පාතාල මර්දන මෙහෙයුම්වලින් ඉවත්ව ඇතැයි නිලධාරීහු පෙන්වා දී ඇත.

වහාම තමාගේ මැදිහත්වීමෙන් මෙම කටයුතු නිරාකරණය කර දෙන බවට නීතිපතිවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයේදී පොරොන්දු වී ඇත. භූමියේ පාතාලය මැඬලීමට ආරක්ෂක සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කරන නිලධාරීන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් නොයෙදුවහොත් පාතාලය මැඬලීමට නිලධාරීන් ඉදිරිපත් නොවනු ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. පසුගිය රජයන්වලදීත් මෙම ප්‍රශ්න උද්ගතවී හිටපු නීතිපතිවරුන් කැඳවා එකඟතා කෙතරම් ඇතිකර ගත්තද ප්‍රායෝගිකව එම නීති ගැටලුවලින් නිලධාරින් ගලවා දීමට පියවර නොගත් බවද ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...