ආරක්‍ෂක ලේකම් හමු වූ රුසියානු තානාපති!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අතර හමුවක් සිදුව ඇත.

දෙපාර්ශවය අතර, සුහද සාකච්ඡාවක් සිදුව තිබූ අතර, එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවදානය යොමුව තිබුණේ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැඩිදියුණු කිරීම පිළිබඳවයි.

එමෙන්ම මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුව ඇත. රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් Sergey Belyankin සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...