දුශාන් හේමන්තගේ දඟ කැවීමේ මහන්සිය අපතේ යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 19, (LNW) කොළඹ :

ආසියානු නැඟි එන ක්‍රිකට් සූරයන්ගේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දුශාන් හේමන්ත සිය දඟ පන්දු යැවීමෙන් ලකුණු 23 ට කඩුලු 6 ක් දවා ගන්නට සමත් වුව ද,ශ්‍රී ලංකාවට තරගයෙන් ජය ලැබීමට අවස්ථාව උදා වුණේ නැහැ.ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර දුශාන් හේමන්ත ඔවුන්ගේ දැවි ගිය කඩුලු හයම තමන් සන්තකයට ගනු ලැබුවා.ඒ තර්ජනය හමුවේ වුව ඇෆ්ගන් කණ්ඩායම ලකුණු 166 ක් කඩුලු 6 ට ලබා ගන්නට සමත් වුණු අතර ඇෆ්ගන් ඉණිම පොහොසත් කරමින් සෙදිකුල්ලා අටාල් (83) සහ ෂුබයිද් අක්බාරි (57) ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක හොඳ අඩිතාලමක් ලබා දුන්නා.


ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල නොබිදා 16 වන ඕවරය තෙක්ම ගෙන ගිය අතර දැවී ගිය කඩුලු 6 ම ඉන් අනතුරුව ලකුණු 24 ක් තුළ බිදී යාමත් විශේෂ සිදුවීමක් වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම ඉණිම දියත් කළ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 32 ක් තුළ ලකුණු 51 ක් රැස් කරන්නට සමත් වුණා.එවැනි ඉණිමක් පන්දු යවන්නන්ට ජයග්‍රහණයෙන් මෙපිට නවතාගන්නට හැකි අවාසනාවන්තම ක්‍රමය වූ දුවද්දි දැවී යාමට නුවනිදු ගොදුරු වීමත් සමඟ කෙමෙන් බිඳ වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලකුණු 11 ක් මෙපිට සිටියදි 20 වන ඕවරයේ තුන්වන පන්දුවේදී ලකුණු 155 ට සියලු දෙනා දැවී ගියා.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන මඟයි.
https://es.pn/3UDlaX5

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...