දුශාන් හේමන්තගේ දඟ කැවීමේ මහන්සිය අපතේ යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 19, (LNW) කොළඹ :

ආසියානු නැඟි එන ක්‍රිකට් සූරයන්ගේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දුශාන් හේමන්ත සිය දඟ පන්දු යැවීමෙන් ලකුණු 23 ට කඩුලු 6 ක් දවා ගන්නට සමත් වුව ද,ශ්‍රී ලංකාවට තරගයෙන් ජය ලැබීමට අවස්ථාව උදා වුණේ නැහැ.ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර දුශාන් හේමන්ත ඔවුන්ගේ දැවි ගිය කඩුලු හයම තමන් සන්තකයට ගනු ලැබුවා.ඒ තර්ජනය හමුවේ වුව ඇෆ්ගන් කණ්ඩායම ලකුණු 166 ක් කඩුලු 6 ට ලබා ගන්නට සමත් වුණු අතර ඇෆ්ගන් ඉණිම පොහොසත් කරමින් සෙදිකුල්ලා අටාල් (83) සහ ෂුබයිද් අක්බාරි (57) ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක හොඳ අඩිතාලමක් ලබා දුන්නා.


ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල නොබිදා 16 වන ඕවරය තෙක්ම ගෙන ගිය අතර දැවී ගිය කඩුලු 6 ම ඉන් අනතුරුව ලකුණු 24 ක් තුළ බිදී යාමත් විශේෂ සිදුවීමක් වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම ඉණිම දියත් කළ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 32 ක් තුළ ලකුණු 51 ක් රැස් කරන්නට සමත් වුණා.එවැනි ඉණිමක් පන්දු යවන්නන්ට ජයග්‍රහණයෙන් මෙපිට නවතාගන්නට හැකි අවාසනාවන්තම ක්‍රමය වූ දුවද්දි දැවී යාමට නුවනිදු ගොදුරු වීමත් සමඟ කෙමෙන් බිඳ වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලකුණු 11 ක් මෙපිට සිටියදි 20 වන ඕවරයේ තුන්වන පන්දුවේදී ලකුණු 155 ට සියලු දෙනා දැවී ගියා.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන මඟයි.
https://es.pn/3UDlaX5

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...