දැන්වත් ඇත්ත කියන්න. නැත්නම් මට දඬුවම් කරන්න – කංචන

Date:

කොළඹ LNW:පවතින මිල සූත්‍රය අනුව එළෙඹෙන 01 වැනිදා ද ඉන්ධන මිල සංශෝධනයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් රු.15කින් 20කින් අඩු කළ හැකි බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේ නියෝජිතයින් තමා සම්බන්ධයෙන් කළ චෝදනා නිවැරදි කළ යුතු වන අතර එසේ නොමැතිව ඉන්ධන වලින් තමන්ගේ සාක්කුවට මුදලක් ගොස් ඇත්නම් තමන්ට දඬුවම් කළ යුතු වන බවයි ඔහු සඳහන් කරන්නේ.

”නොවැම්බර් පළමුවැනිදා දැන් නැවත මිල සංශෝධනයක් එන්න තියෙනවා. මම නැවත කියනවා මිල සූත්‍රය අනුව නම් යන්නේ තව රු. 15ක් 20ක් මේ යන මිල ක්‍රමය යටතේ අඩු කරන්න පුළුවන් ඩීසල්වලට පෙට්‍රල් වලට. සුපිරි ඩීසල්වලට එහෙම කරන්න බැහැ. මාස හයකට සැරයක් තමයි ඒ මිල විශාල වශයෙන් වෙනස වෙන්නේ. හැබැයි අපි පහුගිය කාලේ ඇණවුම් කරපුවා තොග තියෙන ඒවා,මිලදී ගත් ඒවායේ ප්‍රතිලාභ මේ මාස තුන හතරේ ජනතාවට ලැබෙනවා ඒ මිල සූත්‍රයම ගියොත්. නැත්නම් ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ කියන්න ඕනේ මෙච්චර කල් අපි කිව්වේ බොරු කංචන විජේසේකරගේ සාක්කුටව යනවා කිව්වෙත් බොරුවට. නැත්නම් කියන්න ඕනේ කංචන විජේසේකරගේ සාක්කුවට යනවා කිව්වේ ඇත්ත දැන් යන්නේ කංචන විජේසේකරගේ සාක්කුවට නෙවෙයි දැන් ඉන්න ඇමතිගේ සාක්කුවට කියල. මොනවහරි දෙකෙන් එකක් කියන්න ඕනේ. දැන් ඉන්න බලශක්ති ඇමති අනුර කුමාර දිසානායක. එක්කෝ දැන් කියපු ගානට අඩු කරලා දෙන්න මට එහෙම ගාණක් ගියානම් මට දඬුවම් කරන්න. එහෙමනැත්නම් කිව්වේ බොරුවක් කියල මහජනතාවට කියන්න.” යනුවෙන් විජේසේකර මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...