නෙතන්යාහු හොඳින්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

උතුරු ඊශ්‍රායලයේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කෙසේ වෙතත් නිවසට ප්‍රහාරය එල්ල වන එම අවස්ථාවේ දී ඔහු නිවසේ සිට නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ, ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බවයි.

ලෙබනනයේ සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කර තිබේ.

ලෙබනනයේ සිට ඩ්‍රෝන ප්‍රහාර 03ක් දියත් කර ඇති අතර ඉන් 02ක් මැඩපැවැත්වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර ඇත.  ප්‍රහාරය කුමන පාර්ශ්වයක් විසින් එල්ල කළේ ද යන්න පිළිබදව මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...