කාවන්තිස්ස ඇතුට වෙඩිතැබීම : සැකකරුවකු අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියෙකු වශයෙන් සේවය කරන, හුණුගල්ලෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව සඳහන්.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එක්ව දියත් කළ විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ ගිනි අවියක්” “කැප් තුවක්කු” වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් ද හමුවී ඇත.

සැකකරු අද (19) දිනයේදී ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ය.

වනජීවී සම්පත් හා ජාතික උරුමයන් විනාශ කරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම...

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...