ඉරානයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මිසයිල හා අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්වන මෙහර්දාද් අක්ලගී පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ඉරානයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙහර්දාද් අක්ලගී කෙටාබ්චි (Mehrdad Akhlaghi Ketabchi) පත් කර තිබේ. බැලස්ටික් මිසයිල, අභ්‍යවකාශ තාක්ෂණය සහ ආරක්ෂක කර්මාන්තයේ නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි දශක හතරකට වැඩි පළපුරුද්දක් ඇති ඔහු, ඉරානයේ ආරක්ෂක නිෂ්පාදන හැකියාවන් යළි ගොඩනැගීමේ වගකීම භාරගෙන ඇත.

2026 ඔක්තෝබර් 18 වැනිදා ඉරාන පාර්ලිමේන්තුව ඔහුගේ පත්වීම අනුමත කළ අතර ඔහුට පක්ෂව ඡන්ද 237ක් සහ 15ක් විපක්ෂව ලැබී ඇත.

මේ වන විට වයස අවුරුදු 68ක් වන අක්ලගී, ඉරානයේ ආරක්ෂක කර්මාන්තයට සම්බන්ධ ආයතන කිහිපයක ඉහළ තනතුරු දරා තිබේ. ඒ අතර ෂහීඩ් බාගෙරි කාර්මික සමූහය (Shahid Bagheri Industrial Group), අභ්‍යවකාශ කර්මාන්ත සංවිධානය (Aerospace Industries Organization) සහ ආරක්ෂක කර්මාන්ත සංවිධානය (Defence Industries Organization) ප්‍රධාන වේ.

ඔහුගේ විශේෂඥතාව බැලස්ටික් මිසයිල, ඝන ඉන්ධන ප්‍රචාලන පද්ධති, අභ්‍යවකාශ දියත් කිරීමේ තාක්ෂණය සහ යුද උපකරණ නිෂ්පාදනය දක්වා විහිදේ. ඉරානයේ සෙජිල් (Sejjil) සහ සොල්ෆගාර් (Zolfaghar) මිසයිල පවුල් ඇතුළු ආයුධ සංවර්ධන වැඩසටහන්වලට ද ඔහු සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් හමුවේ හානි වූ ඉරානයේ හමුදා කාර්මික යටිතල පහසුකම් යළි ගොඩනැගීම ඔහු ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වන අතර ආරක්ෂක තාක්ෂණ සංවර්ධනය වේගවත් කිරීම, මිසයිල සහ ගුවන් ආරක්ෂක පද්ධති වැඩිදියුණු කිරීම, පෞද්ගලික අංශය සමඟ සහයෝගීතාව පුළුල් කිරීම සහ හමුදාවට අවශ්‍ය උපකරණ නිෂ්පාදනය ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රමුඛතා අතර වේ.

ඉරානයේ මිසයිල වැඩසටහන් හා ආරක්ෂක කර්මාන්තයට සම්බන්ධ කටයුතු හේතුවෙන් අක්ලගී මීට පෙර එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඇතුළු පාර්ශ්වවල සම්බාධකවලට ලක්ව සිටි අතර නව අමාත්‍යවරයා සිය පළමු ප්‍රකාශවලදී ඇමෙරිකාවෙන් එල්ල විය හැකි නව ප්‍රහාරයකට ඉරානය දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට අනතුරු අඟවා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට පැනවීමට නියමිත සම්බාධක අත්හිටුවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: රුසියාව සහ...

අද (19) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 19) දිනයේදී දිවයිනේ බොහෝ...

කැනඩාවේ හමුදා කඳවුරක දැවැන්ත ගින්නක් හේතුවෙන් හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මරුට, 39 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: කැනඩාවේ ඇල්බර්ටා...

“ඉතිහාසය ගිනි තබා විනාශ කළ හැකිද?” ප්‍රංශයේ ඓතිහාසික නගර ශාලාව ගිනිදැල් අතරින් අළු වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): වසර 143ක පමණ ඉතිහාසයක් පුරා...