ශ්‍රී ලංකාව ලෙඩ වාට්ටුවක් වෙයි ද?

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව, ශ්‍රී ලංකා මුල් පෙළ පිතකරුවන්ගේ දක්ෂතාවයන් අඛන්ඩව පවත්වාගෙන යන්න මැද පෙළ අසමත්වීමෙන් එමීර් රාජ්‍යයට තරගය පිළිබඳ විශ්වාසයක් සහ වෙනස්ම උද්යෝගයක් ඇති කරමින් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් විසින් ලිහිල් කළ ආක්‍රමණයේ බැඳි, යළි තද කළ දුෂ්මන්ත චමීර ලකුණු 15 ට එමීර් රාජ්‍යයේ පිතිකරුවන් තිදෙනෙකුටම වග කීවේය.එය වඩාත් වැදගත් වන්නේ ඔවුන්ගේ මුල් කඩුලු තුනම මුළු ලකුණු ප්‍රමාණය 19 ක් වෙද්දි ක්‍රීඩාගාරයේ රඳවන්නට චමීරට හැකිවීම නිසාය.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මාධ්‍ය ඇමතූ මහාචාර්ය අර්ජුන ද සිල්වා පෙන්වා දෙන්නේ චමීර කලවා ප්‍රදේශයේ ආබාධයකින් පීඩා විඳින බවය.ඒ නිසා ඔහුට නෙදර්ලන්ත තරගය අහිමි විය හැකි බව පෙන්වා දෙන මහාචාර්යවරයා සමහර විට තරගාවලියම විය හැකි බවට ද ලබා දෙන අනතුරුදායක ඉඟිය ශ්‍රී ලංකාවට හිතකර එකක් නොවේය.එපමණක් නොව ප්‍රමොද් මධුෂාන් සහ ධනුෂ්ක ගුණතිලක ද සිටින්නේ ආබාධ ගොඩේය.මස්පිඩුවල ඇති වි තිබෙන ආබාධ තත්ත්වයකින් පිඩා විඳින ප්‍රමෝද්ගේ තත්ත්වය එතරම් අයහපත් නැති බවට විශ්වාස කළත්,ධනුෂ්ක සිටින්නේ ආබාධය නිසා තරග කිරීමට නොහැකි වන මට්ටමක විය හැකි බව ද කණ්ඩායම් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ස්තූතිය පළ කරමින් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මේ තත්ත්වයන්ට හේතුව,ක්‍රීඩකයන්ට නුහුරු සීතල දේශගුණික තත්ත්වය විය හැකි බව පවසයි.ඔහු ස්තූතිය පළ කරන්නේම කල් ඇතිව කණ්ඩායම එවා එයට හැඩ ගැසෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් හැඳූ ඉඩටය.එසේම පල්ලෙකැලේ ලබා දුන් පුහුණු සැසි ද ඔහුගේ අවධානයේ ස්තූති පූර්වකව සඳහන් වේ.එහෙත් තව ටිකක් දුර ඇති රඳැල්ල වැනි පිටියක් මෙවැනි සංචාරයකට පෙර භාවිතයට ගැනීම සඳහා සකස් කර තබා ගත හැකිනම් එය ද ඉතා වැදගත් ය.නමුත් රැඳල්ල ගැන සිල්වර්වුඩ් දන්නේ කිව්වොත් පමණක් විය හැකිය.

මේක මරු රටක් පොඩි වෙලාවකින් ඕනෑම දේශගුණයක් විඳින්න පුළුවන් කිව්වාට නිකං තිබෙන ඒ දේ සම්පතක් කරගන්න අප සූදානම් වි නැති බව හැඟෙන්නේ එහි අනිත් පැත්තට ඇති ප්‍රශ්නය වන උෂ්නත්වයේ ප්‍රශ්නයෙන් කුවේට් හී දී පීඩා විදි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් ගැන මතක් වන විටය.සාමාන්‍යයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය උෂ්නත්වය වැඩිම දිස්ත්‍රික්කය වන අතර එහි ඇති මැක්හෙයිසර් ක්‍රීඩාංගණය ජාතික ක්‍රීඩා උළෙල ද පවත්වා ඇති ක්‍රීඩාංගණයකි.ඒත් පිට්ටනි හැදෙනවානම් හැදෙන්නේ රටේ දේශපාලන බලවතුන්ගේ නම් ගහන්න සුදුසු ඔවුන්ගේ දේශපාලනයට වැදගත්කමක් ඇති තැන්වලය.ක්‍රීඩා අමාත්‍යංශයේ ඉන්න කොයි අමාත්‍යවරයා ආවත් අමාත්‍යවරුන්ට සමීප වෙන බොහෝ නිලධාරීන් ඉතාම සීරුවට අමාත්‍යවරුන්ගේ දේශපාලනය වහ වහා කියවාගෙන ඒවාට අනුව හැඩ ගැහෙන පිරිස් වන අතර ඇමැතිවරයෙක්ට මේ තත්ත්වයන් කුමනාකාරයෙන් හෝ ඒත්තු යනකම් තියෙන තත්ත්වයන් ඒ ආකාරයටම පැවතීම සිඳුවෙනු විනා නිලධාරින්ගෙන් යෝජනා ඒම සිඳුවන්නේ ඉතා අඩුවෙන්ය.එවැනි විශේෂඥ උපදෙස් දෙන්නට පිරිස සිටීනම් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා නියෝජනය කරන පොළොන්නරුවේ ක්‍රීඩාංගණය සුළං කපොල්ලක ඉඳි නොවනු ඇත.

කෙසේ හේ ඉතා තීරණාත්මක තැනකට පැමිණ නැවත ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලිය සඳහා බලාපොරෙත්තුවක් ඇති කිරීමට පන්දුවෙන් දැයකත්වය දුන් දුෂ්මන්ත චමීරට නෙදර්ලන්ත තරගයෙන් පසුව නැවත කණ්ඩායමට එක්වීමට දිරිය හා ශක්තිය ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු.ප්‍රතිවාදීන්ට මෙන්ම දේශගුණයට ද පහර දෙන්නට සෑම දෙනාටම නිරෝගිකම සමඟ කායික සහ මානසික ශක්තියද ප්‍රාර්ථනා කරමු.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...