*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

නැගෙනහිර ගොවීන් මුහුණ දෙන ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි !

නැගෙනහිර ප්‍රදේශය නියෝජනය කරන ගොවිජනතාව මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරුණු ලැබීය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ කරුණු දැක්වූ ඒ මහතා,

“ශ්‍රී ලංකාවේ අනුරාධපුරය, පොළොන්නරුව හම්බන්තොට, කුරුණෑගල ආදී දිස්ත්‍රික්කවල මහා පරිමාණ වශයෙන් වී වගාව සිදු කෙරෙන නමුත් මෙරට සමස්ත වී නිෂ්පාදනයෙන් හතරෙන් එකක් (25%) ලබා දෙන්නේ නැගෙනහිර පළාතයි. එසේ වුව ද මෙම ප්‍රදේශවල අනෙකුත් ප්‍රදේශ වලට සාපේකෂව වී වැපිරීම හා අස්වනු නෙලීම කලින් සිදු කෙරෙන බැවින්, එම ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා ස්ථිර මිලක් මෙන්ම වගාවන් සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණයන් ද නිසි වේලාවට නොලැබෙන බවට වාර්තා වේ.

පසුගිය රජය ගත් අවිද්‍යාත්මක තීරණ හමුවේ සමස්ත කෘෂිකර්මාන්තය ම බරපතල කඩා වැටීමකට ලක් වූ අතර, අදටත් සමස්ත ජනතාවම එහි ප්‍රතිවිපාක විඳිමින් සිටී. යල/මහ ප්‍රධාන කන්න වලට අමතරව වගා කටයුතු සිදු කරනු ලබන මෙම ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් බිඳ වැටී ඇති කෘෂිකර්මාන්තයට යළි ප්‍රබෝධයක් ගෙන ඒමට හැකිවනු ඇත. එසේම, සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කර, වෙළඳපොල තුල සහල් සඳහා ස්ථාවර මිලක් ඇති කිරීමට මෙය උපකාරී වනු ඇත.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1) යල සහ මහ කන්න වලට ප්‍රථමයෙන් අම්පාර, මඩකලපුව වැනි දිස්ත්‍රික්කවල වී අස්වැන්න ලැබෙන බැවින් එම අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බවත්, අලෙවි කර ගැනීම අසීරු බවත් ගොවීන් පවසයි. එම ප්‍රදේශ ඇතුළු අනෙකුත් ප්‍රදේශවල වී අස්වැන්න නිසි ක්‍රමවේදයකට අනුව මිලදී ගැනීමට ඇති බාධා කවරේ ද? එම බාධා ඉවත් කර ගැනීමට ගෙන ඇති පියවර කවරේ ද?

2) යල/මහ කන්න වලට පෙර වගා කටයුතු සිදු කරන නැගෙනහිර පලාතේ ගොවීන් සඳහා අවශ්‍ය පොහොර ද නිසි වේලාවට නොලැබෙන බව ගොවීන් පවසයි. එම තත්ත්වය මග හරවා ගැනීමට රජය ගෙන ඇති පියවර කවරේ ද?

3) 2022/23 මහ කන්නය සඳහා වී වගාවට අවශ්‍ය කරන යූරියා, MOP, TSP පොහොර ප්‍රමාණයන් කවරේ ද? එම ප්‍රමාණයන්ගෙන් දැනට රට තුළ තිබෙන තොග ප්‍රමාණයන් කවරේ ද? ඉතිරි ප්‍රමාණයන් ලබා ගැනීමට ගෙන ඇති පියවර කවරේ ද? එම පොහොර ‌ගොවීන්ට ලබා දිය හැකි දින වකවානු කවරේ ද?

4) වත්මන් රජය විසින් ගොවිණය කපා හැරීම සඳහා ගත් තීරණය වලංගු වන්නේ අක්කර 1ක් දක්වා වගා කරනු ලබන ගොවීන් සඳහා පමණක් ද? එසේනම්, අක්කරයට වැඩි වගාවන් සඳහා ගොවිණය කපා හැරීම සිදු කළ නොහැක්කේ ද? පෞද්ගලික බැංකු මගින් ලබාගත් ගොවි ණය ද මේ යටතේ කපා හැරීමක් සිදු වන්නේ ද? නොඑසේනම්, එම ගොවීන් වෙනුවෙන් රජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේ ද?

5) වන අලින් ඇතුළු අනෙකුත් වන සතුන්ගෙන් වී වගාව සහ අනෙකුත් කෘෂි බෝග අස්වැන්නට සිදුවන හානිය පිළිබඳ ඇස්තමේන්තුවක් කර තිබේ ද? එසේනම්, එම ප්‍රමාණය සමස්ත ඇස්වැන්නේ ප්‍රතිශතයක් වශයෙන් කොපමණ ද? එය වලක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට ගෙන ඇති පියවර කවරේ ද? එසේ ඇස්තමේන්තු කර නොමැතිනම්, ඊට හේතු කවරේ ද?

වියළි කලාපයේ වාරි මාර්ග ආශ්‍රිතව සිදුවන වැලි ජාවාරම් නිසා වාරිමාර්ග වලට මෙන්ම, එම ප්‍රදේශ ආශ්‍රිත වගාවන්ට ද දැඩි ලෙස හානි සිදුවන බවට ගොවීන් වාර්තා කරයි. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ වාරිමාර්ග දෙපාර්තුමේන්තුව දැනුවත් ද?මෙම වැලි ජාවාරම් නතර කිරීමට රජය ගෙන ඇති පියවර කවරේ ද?”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan