“ඔබ රැගෙන ගිය අපේ දරුවන් කොහේද?” උතුරු-නැගෙණහිර අතුරුදහන්වූවන්ගේ සමීපතමයින් ‘යුක්තිය’ ඉල්ලා UN කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක!

Date:

උතුරු සහ නැගෙණහිර අතුරුදහන්කරන ලද අයගේ මව්වරුන් සහ පියවරුන් ඇතුලු සමීපතමයින්, විශාල පිරිසක් අද(ඔක්තෝබර් 17) දා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් අද කොළඹට පැමිණ මෙසේ උද්ඝෝෂනයක නිරත වෙමින් ඉල්ලා සිටියේ අතුරුදහන් කළ සිය සමීපතමයින්ට සිදු වූයේ කුමක් ද යන්න හෙළි කරන ලෙසත් ඔවුන්ට යුක්තිය ඉටු කරන ලෙසත්ය.

පැය 3කට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ අතුරුදහන්වූවන්ගේ සමීපතමයින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ නේවාසික ප්‍රධානී Ms Hanaa Singer-Hamdy වෙත ලිපියක් බාර දෙමින් ද ඔවුන් විසින් ඉල්ලා සිටියේ, බහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමියින් ට සිදුවුයේ කුමක් ද යන්න සෙවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසයි. එසේම ඔවුන් අවධාරණය කර ඉල්ලා සිටියේ ‘අපට අවශ්‍ය යුක්තිය මිසක් වන්දි නොවන’ බවයි.

උතුරු නැගෙණහිර අතුරුදහන්වූවන්ගේ සමීපතමයින් මෙසේ කොළඹ දී යුක්තිය ඉල්ලා උද්ඝෝෂණය සිදුකරන විට, ‘සත්‍ය සහ යුක්තිය’ ඉල්ලා ඔවුන් විසින් උතුරු-නැගෙණහිර දී ආරම්භ කරන ලද උපවාසයට අද දිනට, දවස් 2066ක් ගත වී තිබිණි.

මෙම දවස් 2066 පුරාවටම අතුරුදහන් කළ ඔවුන්ගේ සමීපතමයින් පිළිබද කිසිදු තොරතුරක් ලබා දීමට ශ්‍රී රාජ්‍යට නොහැකි වී තිබේ.

‍’අපරාධකරුවන් යුක්තිය ඉටු කරයිද?’ යනුවෙන් අද පැවති උද්ඝෝෂණයේදී සිංහලෙන් ලියා තිබිණි. ඒ ‘සිංහල’ දකුණට කියවා ගත හැකි වේද?

Vikalpa

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...