*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

මැතිවරණ නීති සංශෝධනයට නව පුද්ගල කොමිසමක්

මැතිවරණ නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු සොයාබලා, විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොමිසමක් පත්කර තිබේ.

ඒ, හිටපු අගවිනිසුරු ප්‍රියසාද් සෙප් මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ මහතා ද ඇතුළුව කොමසාරිස්වරුන් නව දෙනෙකුගෙන් මෙම කොමිසම සමන්විත වේ.

කාන්තා හා තරුණ නියෝජනය වැඩිකිරීම, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දිනයේ සිට ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා වන කාලය අඩුකිරීම, ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව සැලසීම, රාජ්‍ය අංශයේ නොවන අයටත් තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබාදීම යනාදී කාලීන අවශ්‍යතා රැසක් ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කිරීමේදී සඳහන් කර ඇති අතර ඒවා පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස කොමිසමට පවරා ඇත.

ඊට අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය සඳහා මෙතැනින් යොමුවන්න.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan