*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් ගැන ඉඟියක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් කෙරෙහි රජය ඉතා අවධානයෙන් පසුවන අතර ඉදිරි අයවැය මගින් අවධානය යොමු විය යුතු පාර්ශ්වය අතර රජයේ ආධාර ලැබිය යුතු පිරිස, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ රාජ්‍ය සේවයකයින් ප්‍රමුඛස්ථානයේ සිටින බව ,වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා වෙත ලබා දීම සඳහා රාජ්‍ය සහ පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේ ඔහු මේ බව පවසීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ , රාජ්‍ය සේවයකයන් ඇතුළු මාසිකව ස්ථිර ආදායමක් ලබා ගන්නා කණ්ඩායම් මුහුණ දෙන අර්බුද සඳහා කෙටි කාලීන විසඳුමකට වඩා දිගු කාලීන විසඳුමක් කෙරෙහි රජය අවධානය යොමු කරන අතර ඉදිරි අයවැය මගින් ඊට පදනම සකස් වනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan