2024 මැද දී ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක් නැහැ – ඩී.වී චානක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය කාලයේ රට තුළ දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටි බවත්, රටේ ඉන්ධන පෝලිම් ඇති වී තිබුණු බවත්, ඒ වගේම ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධනවල පවා හිඟයක් පැවතුණු බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි.

ඒ හමුවේ රට පැවතුනේ අසීරු තත්ත්වයක වුවත්, ඉතා කෙටි කාලයකින් එම තත්ත්වයෙන් ගොඩ ඒමට සමත් වුණ බවද ඔහු පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ද පැවසීය,

පසුගිය කාලයේ අපේ රට දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටියා. රටේ ඉන්ධන පෝලිම් ඇති වී තිබුණා. ඒ වගේම ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධනවල පවා හිඟයක් පැවතුණා. ඒ හමුවේ රට පැවතුනේ අසීරු තත්ත්වයකයි. නමුත් අප ඉතා කෙටි කාලයකින් එම තත්ත්වයෙන් ගොඩ ඒමට සමත් වුණා.

2022 ජනවාරි මාසය සැළකීමේ දී එය ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සාපේක්ෂව අඩු වූ මාසයක් ලෙස දැක්විය හැකියි. එහිදී බොර තෙල් බැරලයක මිල සදහන් වුණේ ඇමෙරිකානු ඩොලර් 50ක් ලෙසයි. නමුත් ඊළග මාස කිහිපයක් තුළ එය ඇමෙරිකානු ඩොලර් 65ක් දක්වා වැඩි වුණා. ඒ වගේම රුසියානු – යුක්‍රේන යුද්ධය ඇතුළු විවිධ හේතු මත තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගියා. නමුත් පසුව එය ඩොලර් 80ක් දක්වා අඩු වුණා.

2022 ජනවාරි මාසයේ සිට මේ ආකාරයට ක්‍රමයෙන් ඉහළ ගිය බොර තෙල් මිල වසර එකහමාරකට පසු මේ වසරේදී තරමක් පහළ ගියා. විශේෂයෙන්ම මේ මස පළමුවැනිදා සිට හයවැනිදා දක්වා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 4%කින් පමණ අඩුවී තිබෙනවා.

නමුත් පසුගිය කාලයේ ගසා තීරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සියලුම ඉන්ධන වර්ගවල මිල යළිත් 4%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් මිළ පහළ යමින් යම් සහනයක් ලැබීමට අපට ලැබුණු දුර්ලභ අවස්ථාව පසුගිය දින කිහිපයක සිට ගිලිහී යන බවක් පෙනෙන්නට තිබෙනවා.

ශ්‍රායලය සහ පලස්තීනය ඉන්ධන නිෂ්පාදනය කරන හෝ ලෝක වෙළෙඳපොළට ඉන්ධන බෙදාහරින රටවල් නොවූවත් මතුව ඇති තත්ත්වය හමුවේ ඉරානය ද මැදිහත්වීමක් සිදු කිරීමට යන බවක් පෙන්නුම් කරනවා. පවතින මෙම ආතතිමය තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධ විශ්ලේෂණයක් සිදු කිරීම ඉතා අපහසුයි.

ගාසා තීරයේ ගැටුම් ආරම්භ වීමෙන් පසුවත් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනයට බාධාවක් වුණේ නැහැ. අප දැනටමත් ලබන වසරේ ජුනි මාසය දක්වා ඉන්ධන සැපයුම සඳහා ටෙන්ඩර් ලබාදී අවසන්. එම නිසා ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවීමේ අවධානමක් නැහැ. නමුත් අවිනිශ්චිතතා ඇති විය හැකියි.

ඒ වගේම මෙරටට ඉන්ධන සැපයීම සඳහා චීනයේ සිනොපෙක් (Sinopec) ඇතුළු තවත් සැපයුම්කරුවන් තිදෙනෙකුට අවසර දී තිබෙනවා. මේ වන විට සිනොපෙක් සමාගම මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. එම නිසා මාසයකට ඩොලර් මිලියන 40ක පමණ විදෙස් විනිමයක් ඉතිරි කිරීමට හැකි වී තිබෙනවා. වාර්ෂිකව සැලකීමේ දී ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමය ප්‍රමාණයක් මේ හරහා රටට ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

මේ තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන ඩොලර් සංචිතයට පැවති අවදානම අවම කර ගැනීමට ද ඉවහල් වී තිබෙනවා. එහි ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත ලබා දීමට අප කටයුතු කරනවා. ඒ වගේම පළමු වතාවට අපි තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 200 ක සංචිතයක් පවත්වාගෙන යන බවත් සඳහන් කළ යුතුයි”

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...