තුන්දෙනෙක් ඉඳලා මෙච්චර වෙනසක් කළා නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් එක්ක මොනවද අපිට බැරි ? – හරිනි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් ජනතාවට පොරොන්දු වුණු දේශපාලන පරිවර්තනය මේ වනවිටත් ක්‍රමානුකූලව සිදු කරමින් සිටින බවත් එය ජනතාවට පෙනෙන්නට ඇති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

“අපි ලබපු ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් කියන එක අද වෙනකොට ඔබ සියලු දෙනාම දන්නවා. ඒ අපි වෙනස් කළේ ජනාධිපතිවරයෙක් විතරක් නෙවෙයි. අපි දේශපාලන සංස්කෘතියක් වෙනස් කළා. මේ රටට අවශ්‍ය ආර්ථික, දේශපාලන, සමාජ පරිවර්තනය වෙනුවෙන් අපට අවශ්‍ය නායකත්වය ලබාගන්න ඔබ සියලු දෙනා මැදිහත් වුණා. අවුරුදු 76ක් තිස්සේ මේකෙ බලයේ ඉඳපු අය කවදාවත් හිතපු නැති විදිහේ ජයග්‍රහණයක් අපි ලබාගත්තා. අපට තියෙන්නෙ දැන් හොඳම කණ්ඩායම තෝරන්න. හොඳම කණ්ඩායම තෝරලා අර අපි ඔබත් සමග සාකච්ඡා කරපු මාස ගාණක් තිස්සේ ඔබත් එකතුවෙලා ගොඩනගපු ඒ රට හදන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන්න අවස්ථාව දැන් අපට ඇවිල්ලා තියෙනවා. ඒක අවශ්‍යයයි. ඒකත් ඔබ කරනවා කියන එක අපට විශ්වාසයි. අපි මේ කාලය තුළත් ඔබට පොරොන්දු වුණ පරිදි ඒ දේශපාලන පරිවර්තනය අපි ක්‍රමානුකූලව සිද්ධ කරමින් යන්නෙ. ඒක ඔබට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා හිතන්න, අපි තුන්දෙනෙක් ඉඳගෙන අපිට මෙහෙම වෙනසක් කරන්න පුළුවන් නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් එක්ක මොනවද අපිට කරන්න බැරි ? මේ රට අපිට හදන්න පුළුවන්”

හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹදී පැවති ප්‍රචාරක කටයුත්තක් අතරතුරදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...