මැතිවරණයට ඉදිරිපත්වෙන අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ (LNW):

2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන් බාරදුන් වත්කම් බැරකම් ප්‍රකාශ වාර්තා සියල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය.

සභාපතිවරයා පැවසූවේ, එම වාර්තා සම්බන්ධව ඉදිරි කටයුතු කරනු ලබන්නේ එම කොමිසම විසින් බවයි.

පසුගිය ජනාධිපතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සියල්ල සිය වෙබ් අඩවියේ පළ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් සම්බන්ධ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද අධ්‍යයනය කිරීමට කටයුතු යොදා ඇති අතර, ඉහළ ආදායමක් ලබා ඇතත් මෙතෙක් ආදායම් බදු නොගෙවූ අපේක්ෂකයන්ගෙන් හිඟ බදුද සමග බදු අය කිරීමට එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...