පසුගිය රජයේ යෝජනාවකට නව රජයෙන් විකල්ප යෝජනාවක්!

0
697

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

ගෙවල් කුලී බද්දක් ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබුණු නමුත් එය ක්‍රියාත්මක නොකිරීමට නව රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

IMF ඊළග සමාලෝචනයේ දී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් මේ සඳහා විකල්ප යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව තොරතුරු සඳහන් වේ.

ගෙවල් කුලී බද්ද ලෙස මෙහිදී හඳුන්වන්නේ, නිවාස කුලියට දී ගෙහිමියා උපයන ආදායම මත අය කරන බද්ද වන අතර, මෙම බද්දෙන් ආවරණය කර ගැනීමට ගිය බදු ආදායම උපයා ගත හැකි වෙනත් විකල්ප යෝජනා කෙරෙහි මේ වන විටත් භාණ්ඩාගාර නිළධාරීන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.