ජනපතිගේ දීපවාලි පණිවුඩය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :

ලෝකවාසී හින්දු බැති­ම­තුන් මහත් උත්ස­ව­ශ්‍රී­යෙන් සහ භක්ති­යෙන් සම­රන දීප­වාලි දිනය අද (20) ට යෙදී තිබේ.

‘පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්’ කෙරෙහි ජන­තාව තැබූ අපේ­ක්ෂාව ඉටු කිරී­මට අප එක්ව යන මාවත දීප­වාලි දිනයේ නිවෙ­ස්වල දැල්වෙන පහන් සිළෙන් තව තවත් එකලු වේවායි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සිය දීප­වාලි දින පණි­වි­ඩ­යෙන් කියා තිබේ.

ජනා­ධි­ප­ති­ව­රයා සිය පණි­වි­ඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ලොව පුරා හින්දු බැති­ම­තුන් මහත් භක්ති­යෙන් සම­රන දීප­වාලි උත්ස­වය අදට (20) යෙදී තිබෙනවා.

විෂ්ණු දෙවි­යන් නර­ගා­සු­රන් නමැති අසු­රයා පරා­ජය කිරීම සිහි­පත් කර­මින්, අධ­ර්මය පරදා ධර්මය ජය ගත් අයු­රින් සිය­ල්ලන්ගේ සිත්ස­තන්හි අඳුර දුරලා ආලෝ­කය පැති­රේ­වායි යන ප්‍රාර්ථ­නය පෙර­දැ­රිව ඔවුහු ආග­මික වතා­වත්හි නිරත වෙනවා.

සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමට තමන් කැප වී ක්‍රියා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දීපවාලි උත්සවය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවක්. දීපවාලි දිනයේදී සෑම නිවසක්ම හෙළි කරමින් දැල් වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු කිරීමට අප එක්ව යන මාවත තව තවත් එකලු වේවායි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලාංකේය සහ ලෝවැසි සියලු හින්දු බැතිමතුන්ට ස්වකීය සිත්සතන් ප්‍රභාවත් කෙරෙන සුබ දීපවාලි සැමරුමක් වේවායි සුබපැතුම් එක් කරමි යනුවෙන් ජනාධිපතිවරයා සිය දීප­වාලි දින පණි­වි­ඩ­යෙන් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...