මහබැංකු අධිපතිට හිමි වූ සම්මානය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :

ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා වෙත , ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් "A ශ්‍රේණියේ " සම්මානය පිරි නමා තිබෙන බව වාර්තා වෙන අතර, ඒ, විචක්ෂණ ශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්ව හමුවේ මහ බැංකුව ලබා දුන් නායකත්වය ඇගැයීමක් වශයෙනි.

මෙම “A ශ්‍රේණියේ ” සම්මානය පිරි නමා ඇත්තේ, 2025 වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේ දී වේ.

2025 වසරේ ඔක්තෝබර් මස 13 සිට 18 වන දින දක්වා වොෂින්ටන් ඩී. සී. හි පැවති ලෝක බැංකු සමූහයේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම් අතරතුර දී ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සක්‍රීයව සම්බන්ධ විය. එම සාකච්ඡා වල දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය, ලෝක බැංකු සමූහයේ සභාපති, ආයතන ද්විත්වයේම ඉහළ පෙළේ නිලධාරීන් සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් හමු විය. එහි දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වූ නියෝජිත පිරිස වෙත ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සඳහා ඉහළ සහයෝගයක් පළ විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...